IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හාමුදුරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ස්මාර්ට් ෆෝන් දෙකක් අරන්

(නිමන්ති රණසිංහ)

මාලිගාවත්ත විහාරස්ථානයක හිමිනමකගේ ණය පතක් සොරකම් කර එයින් රුපියල් ලක්ෂ හතරක ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන දෙකක් මිලට ගත් අයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඉදිරියේ අද (14) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසියට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ බෝ සෙවන පාර, මාලිගාවත්ත කොළඹ 10 ලිපිනැති විහාරස්ථානයක වැඩවසන හිමිනමක විසින් ඉකුත් 02 වැනිදාය.

තමන්ට ලැබුණු පුන්‍යාධාර සහ අනෙකුත් ආධාර සම්පත් බැංකුවේ ගිණුමකට බැර කළ බවත් පසුව එම ගිණුමෙන් ණය කාඩ් පතක් ලබාගෙන තිබූ බවත් පැමිණීල්ල සදහන් කර ඇතැයි මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම වරද ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 367 වගන්තිය සමග කියැවෙන 400 වගන්තිය යටතේ සිදුකළ වරදක් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මාලිගාවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේවර්ධන මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.



අදහස් (3)

හාමුදුරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත සොරාගෙන ස්මාර්ට් ෆෝන් දෙකක් අරන්

පිටිගල මිලානෝ Tuesday, 14 March 2023 07:54 PM

පව් නැහැ… හොදවැඩේ… නිවන් ගියාම ෂොපිං කරන්න වෙන්න ඇති ක්‍රෙඩිට් කාර්ඩ්ස්…

:       1       3

රමණි Tuesday, 14 March 2023 08:37 PM

සාදුලාගේ ක්‍රෙඩිට කාඩ් වලට මුදල් පූජාකරාම මැරුණායින් පස්සේ මොන දිව්‍ය ලෝකෙද යන්න පුළුවන්?

:       1       3

ලුම්බිණි Wednesday, 15 March 2023 07:13 AM

තමන්ට (පන්සලට) ලැබුණු පුන්‍යාධාර සහ අනෙකුත් ආධාර බැංකුවේ තමන්ගේ ගිණුමකට දැමීම එච්චර සුදුසු නැහැ නේද?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site