IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුංචි පාර්ලිමේන්තුවේ කාලය 19යෙන් අවසන්

(සුජිත් හේවාජුලිගේ)

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න්  අවසන් වන  හෙයින් එම  ආයතන සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන්  පාවිච්චි කරන  වාහන ඇතුළු  සියලුම රජයේ  දේපළ  අදාල ආයතනවලට එදිනට පෙර  බාර දෙන්නැයි  දැනුම්දී  ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

මෙම වාහන වෙනත් නිලධාරීන්ට හෝ ආයතනවලට  හෝ  නිකුත් නොකර  වෙනම තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  එම  වාහන අවභාවිත වුවහොත් ඉදිරියේදී පත්වීමට නියමිත සභාපතිවරුන්ට අමුතුවෙන් වාහන මිලදී ගැනීමට සිදුවීමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුවනු ඇතැයිද   ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

නිල කාලය  ලබන 19 වැනිදායින් අවසන්වීමෙන් පසු සියලුම පළාත් පාලන ආයතන නාගරික කොමසාරිස්වරුන් සහ සභා ලේකම්වරුන් යටතට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

ලබන 19  වැනිදා නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341කි. එයට   නගර සභා,මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් වේ.



අදහස් (0)

පුංචි පාර්ලිමේන්තුවේ කාලය 19යෙන් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site