කැබිනට් ඇමතිවරයකු ජපාන සමාගමකින් අල්ලස් ඉල්ලූ බවට සාක්ෂි නෑ
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ වෙනත් කැබිනට් අමාත්‍යවරයකු, කටුනායක ගුවන් තොටුපලේ නව පර්යන්ත ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල යෙදී සිටි ජපාන සමාගමක් වන තායිසේ සංස්ථාවෙන් අල්ලසක් අයැදීමේ කටයුත්තක නිරත වූ බවට නිගමනය කළ නොහැකි යැයි ඒ සම්බන්ධයෙන් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාවේ දක්වා ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.