(අංජුල මහික වීරරත්න)
වැඩවර්ජන කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය ගිවිසුම අත්සන් කිරීම කඩාකප්පල් කිරීමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
පවතින ආර්ථික අර්බුද තත්වය ඉබේ පහල වුවක් නොවන බවත් එය නිර්මාණය කළ එකක් බවත් කී රත්නප්‍රිය මහත දුර්වල ආර්ථික තත්වය කළමනාකරණය කරගෙන ආර්ථිකය යහපත් අතට හැරවීමට උපකාර කිරීම ලාංකික ජාතියේ යුතුකමක් බව කීය.
අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රත්නප්‍රිය මහතා :-
“අපිට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ. මේ අර්බුදය අපිම කළමනාකරණය කරගන්න ඕනෑ. අපි දෙපයින් නැගිටින්න සූදානම් නම් අපිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝකයේ දියුණු රටවල් අත දෙන්න සූදානමින් ඉන්නවා. නමුත් ඒ සදහා අපේ සූදානම පෙන්වන්න ඕනෑ. අපි දෙපයින් නැගී සිටින්න සූදානම් නැතිනම් ඔවුන් අපිට උදව් කරන්නෙ නෑ යනුවෙන් ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසක්ද දෙකක්ද කොහේද ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිහින් ඩියුටි ෆ්‍රී කාර් එකක් එහෙම අරගෙන නේද මේ අපිට අවවාද දෙන්න ඇවිත් තියෙන්නේ...? තැනට හරියන ඇනේ ගහන්න පුළුවන් මරු මොලයක්නේ අම්මපා ඔයාට තියෙන්නේ. හරිම අවංක යහපත් මනුස්සයෙන් නේද ඔයා...? ඔයා යන්නකෝ අයි එම් එෆ් එකේ ජොබ් එකක් කරන්න. ඔයාවගේ මොළ කාරයෙක්ව ටක් ගාලා බඳවා ගනීවි.
අනේ නර්ස් ඔයා දන්න ආර්ථිකේ... දවස් 6ට පාර්ලිමේන්තු ඇවිත් බදුනැතුව වාහන බලපත්‍රයක් ගත්තාම රට කඩන් වැටෙනවා කියලා මේ නර්ස්ට තේරෙන්නේ නැති හැටි...
දෙපයින් නැගී සිටින්න පුළුවන් නම්, ආයෙත් අයි.එම්.එෆ්. ණය මොකටද? ණය අරන් අපට ගෙවන්න කියලා, යන්න කළින් කුට්ටියක් ගසාකාලා යන්නද?
ලංකාවට ගිය කලක්... අන්තිමට පිරිමි මිසීගෙනුත් ආර්ථික විද්‍යාව ඉගෙනගන්න වුණානේ..
මෙයා නම් දෙපයින් හිටගත්තු දවස් දෙකේ මන්ත්‍රීකමෙන්... ඔය වෘත්තිය සමිතියත් රට මේ තත්වයට පත් කරන්න උදව්කළා...
තමුන් උද්ඝෝශන, වර්ජන කරනකොට මිනිස්සුන්ට දැනෙන වේදනාව දැන් උඹටත් තේරෙනවද.? තේරෙනවද යකෝ..
පන අදින ආර්ථිකේ සේලයින් එකක් දීලා ගොඩ ගන්න පුළුවන් කියලා මේ නර්ස් නෝනා මහත්තය හිතන එකේ වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. ඒ අස්සේ රුපියල ශක්තිමත් නිසා, ඇමරිකන් කාරයෝ අපේ ඉස්පිරිතාල වලට වැඩට එන්න වීසා ඉල්ලලා පොරකනවලු...ඇමරිකන් රජය එහෙ ඩොලරය ශක්තිමත් කරන්න උපදෙස් ගන්න කියලා මෙහෙ "නර්ස් ආර්ථික ඔස්තාර්" මහත්තයව ඉල්ලලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ජා පවත්වනවාලු... අනේ මන්දා මේවා කොහෙන් කෙරවල වෙයිද කියලා මට නම් හිතා ගන්න බැහැ?
මේ වගේ දව දෙකේ අවස්ථාවාදීන් වෘර්තිය සමිති මුවාවෙන් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය ගොඩ දාගන්න තමා ඔට්ටුවෙන්නේ
රනිල්ට ඉන්න උගත් බුද්දිමත් පිරිමි නර්ස්. රට හදන්න උපදෙස් දෙනවා. අනේ කාලේ වනේ වාසේ කියලා කියන්නේ ඕවට තමයි
දෙපයින් හිටගන්න ගිය අපේ කකුල් කඩුවේ පාහර ජෙප්පෝ. කිහිලි කරුවහේ අපිට නැගිටින්න උදව්කල විදෙස් ආයෝජකයෝ, කර්මාන්ත කරුවෝ, ව්‍යාපාරිකයෝ රටින් පන්න දැමුවේ මේ පාහර ජෙප්පෝ. මෙය පලකලොත් ඉතුරු ටික කියන්නම්
පන යනකන් වැඩ වර්ජන කරවපු මිනිහා ඇමති කමක් හම්බුනාම කියන කතාව, නොදකින් විතරක්.