IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෑන් රථයේ පැටළුණු කත කිලෝ මීටරයක් ඇද ගෙන යයි

(ටෝනි කරුණානායක)

යතුරු පැදි  වෑන් රථයක් අනතුරක් හේතුවෙන්  වෑන් රථයේ පැටලුණු කාන්තාවක  ඇදෙන යද්දී වෑන් රථය පසු පස පන්නාගොන් ඇය බේරාගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. 

යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක එසේ කිලෝමීටරයක් තරම් දුරකට ඇදගෙන ගොස් ඇත. 

දිවුලපිටිය ,මීගමුව ප්‍රධාන මාර්ගයේ මරදගහමුල 12 කණුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුව තිබේ.

බරපතල තුවාල ලැබූ කඩවල , මිල්ලගහවත්තේ පදිංචි 41 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.‍

යතුරු පැදිය දිවුලපිටිය ප්‍රදේශයේ සිට මීගමුව දෙසට ධාවනය කරද්දී  අතුරු මාර්ගයකින් ආ මෝටර් රථයකට ඉඩ දීම සඳහා යතුරුපැදියේ වේගය අඩු කර ඇත. 

එම අවස්ථාවේ යතුරු පැදියට පිටුපසින් පැමිණි  වෑන් රථය යතුරු පැදියේ සහ මෝටර් රථයේ ගැටී තිබේ.

වෑන් රථය යතුරු පැදියේ ගැටෙනවාත් සමග යතුරු පැදියේ පිටුපස ගමන් කළ කාන්තාව වෑන් රථය යටට විසි වී ගොස් එහි පැටලී ඇත. 

අනතුරත් සමග වෑන්  නොනවත්වා  ධාවනය කර ඇති අතර  අවට සිටි පිරිස  යතුරු පැදි සහ වාහනවලින් වෑන් රථය පිටුපස හඹා ගොස් ඇති බව පොලිසිය කියයි.

පසුව ලොරි රථයක් හරස්කර වෑන් රථය නවතා බරපතළ තුවාල ලබා සිටි කාන්තාව බේරා ගැනීමට මහජනතාව කටයුතු කර ඇති බව පොලිසිය සදහන් කලේය.

බීමත්ව සිට ඇති වෑන් රථයේ රියදුරු පලා යාමට ගත් උත්සාහයේදී කුපිත වූ ජනතාව විසින් අනතුර සිදු කළ වෑන් රථ රියදුරුට පහර දීම හේතුවෙන් එම රියදුරුව රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.

මීරිගම , ගුරුගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි සැකකාර රියදුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

 



අදහස් (1)

වෑන් රථයේ පැටළුණු කත කිලෝ මීටරයක් ඇද ගෙන යයි

Bunny Preena Tuesday, 14 March 2023 09:52 AM

ගහන්ට නෙමෙයි තිබුනෙ රියදුරාවත් අර කාන්තාවට උනා වගෙය් ඔහුගෙම වන් රතයෙ පටලවල කිලො ්මීටටරයක් විතර ඩුරකට අඩගෙන යන්ට තිබුනෙ වෙදනාව කොහොමද කියල ඔහුට දැනෙන්ටත් එක්ක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site