
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිනේෂ් උපේන්ද්‍ර)
රුපියල් ලක්ෂ1,357හතක් පමණ වටිනා ප්‍රාඩෝ ජීප් රථ දෙකක් වැගන් ආර් වර්ගයේ වෑන් රථ දෙකක් සහ නවීන පන්නයේ යතුරුපැදියක් සහ රත්තරන් මාලයක් හොරා ගෙන ගිය බව කියන යුද හමුදාවේ විශ්‍රාමික දෙවෙනි ලුතිනන්වරයකු සහ තවත් පුද්ගලයකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
හොරාගත් වාහන මිලදී ගෙන තිබූ බව කියන කොළඹ ප්‍රදේශයේ පදිංචි වාහන අමතර කොටස් ව්‍යාපාර පවත්වාගෙන යන ධනවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු සහ මහරගම ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ද සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ප්‍රාඩෝ ජීප් රථ දෙක වැගන්නාර් වර්ගයේ වෑන් රථ දෙක ඇතුළු දේපොළ ද පොලිස් බාරයට ගෙන තිබේ.
බිංගිරිය ගිරිඋල්ල නිට්ටඹුව පන්නල කුලියාපිටිය අත්තනගල්ල සහ මීරිගම යන ප්‍රදේශවල පිහිටි නිවාසවල නතර කර තිබියදී මෙම වාහන හා යතුරු පැදිය සොරාගෙන ගොස් තිබිණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිරංජන් අබේවර්ධන මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පිත ගුණරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ වෙහෙස මහන්සි ගෙන,මේ සංවිධානාත්මක හොරකම ඇල්ලූ සියලුම පොලිස් නිලධාරීන් හට අපගේ ප්‍රණාමය ... පොලීසියේ වැරදි හා අඩුපාඩු පෙන්වාදෙන අප ඔවුන්ගේ දක්ෂතා හා අගනා සේවය අගය කිරීමටද අමතක නොකරන බව දන්වා සිටිමු.සැබෑ මාධ්‍ය මෙහෙවර එයයි.