(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ගේ වරෙන්තුව ආපසු කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (14) මෝසමක් මගින් අධිකරණයට බාරවූ අවස්තාවේදි මහේස්ත්‍රාත්වරයා මෙමෙ නියෝගය නිකුත් කලේය.
ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරු ඇතුලු පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.
නඩු විභාගය ලබන ජූනි මස 19 තෙක් කල් තැබිනි.
2025 දෙසැම්බර් මස 18
412
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විමල්ගේ වරෙන්තු ආපසු කැඳවයි
කිරිපුතා Tuesday, 14 March 2023 12:14 PM
මේක නිකම් පුංචි එවුන්ගෙ සෙල්ලමක් වගේ. කවුරු හරි තරහ වුණාම කැඳවන යාලු වුණාම විසිවෙන අමුතුම දෙයක්. රටේ යම් දෙයක් ඒ තරමටම හෑල්ලු වෙලා.
fairoosTuesday, 14 March 2023 01:26 PM
සහතික ඇත්ත. කියල වැඩක් නෑ.
de silva Tuesday, 14 March 2023 01:50 PM
ඔය වැනි පැහැදිලි සාක්ශි සහිත ප්‍රසිදියේ සිදුවුන සිදුවිමකට අදාල නඩුවක් විසදන්න අවුරුදු 7 ගිහිල්ලත් බැරිනම් කුමක් කරන්නද?
ravin Tuesday, 14 March 2023 02:19 PM
පෙර දවසේ ඇවිත් නැත්තේ බිරිඳට ඇප උපස්ථාන කරලද?නැතිනම් ලෙමන් පෆ් සමඟ තැඹිලි බීලද?