(යොහාන් භාසුර)
දරුවෙක්ගේ උප්පැන්නය ලියාපදිංචි කිරීමේදී මව්පියෝ විවාහක ද කියන කාරණය ඉතාම ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් මවකට සමාජය තනිව ජීවත්වීමේ හැකියාව තිබිය යුතු මෙන්ම එය කිසිම අපහසයකට කාරණයක් නොවන බවත් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (13) පැවසුවා.
දරුවෙක් හදාගැනීමට අමාරුව තත්වයක් තියෙනවා නම් ඒ දරුවා හදාගැනීමට සූදානම් බව කී අමාත්‍යවරිය අහලා පහළ දරුවෙක්ට කිසියම් විපතක් වෙන්න යනවා යැයි ඉගියක් තිබේ නම් හෝ ඔවුන්ට දරුවා හදාගැනීමට අමාරු නම් 1929 දුරකථනයට ඇමතුමක් දියයුතු බව ද සඳහන් කළාය.
සෑම කාන්තාවක් මෙම දුරකථන අංකය ළග තබාගත යුතු බවත් ගබ්සා කරන එක හොඳ දෙයක් යැයි පෞද්ගලිකව විශ්වාස නොකරන බවත් ඇය කීවාය.
මාතෘත්වය ඉතාම විශාල ලෙස කඩා වැටීමකට ලක්ව තිබෙන බවත් අලුත උපන් බිළිදියව වැසිකිලියක දමා යෑම, සුරතල් දරුවා ඉස්සන් කොටුවකට තල්ලු කර මරා දැමීමට උත්සහ කිරීම සහ පිට රට සිටින බිරිඳට මුදල් එවනනැයි කියලා බලපෑම් කරමින් දරුවට පහර දීම වැනි සිද්ධීන් පසුගිය දින කීපයේදී ඇසීමට ලැබුණු බවත් අමාත්‍යවරිය කීවාය.
රාජ්‍ය නොවන සංවිධාන දරුවන් වෙනුවෙන් නිවාස 350 කට අධික සංඛ්‍යාවක් ඉදිරි කරලා තිබෙන බව කී ගීතා කුමාරසිංහ මහත්මිය රාත්‍රී කාලයේ හෝ කාන්තාවකට නිවසින් යන්න ඕන නම් කොච්චියට නොපැන එම නිවසට යෑමේ හැකියාව තිබිය යුතු බව ද සඳහන් කරන්නීය.
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුවේදී අද (13) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ දියුණු රටවල මෙම කරුණු ඉවත් කරලා ගොඩක් කල්.. උප්පැන්න සහතිකයේ ආච්චිගේ, සීයගේ නම, උපන් දිනය වැනි විස්තරත් ඉවත් කළ යුතු බව මගේ අදහසයි.
උප්පැන්න සහතිකයට දෙමාපියන්ගේ විවහාය ඇතුලත් විය යුතුයි? නැති ප්‍රශ්ණ ඇතිකර රට අවුල් නොකර ඉන්න. එහෙම උනොත් රට පුරා අවජාතක දරැවන් බිහිවේවි වේවි.? කසාද සහතිකය අවශ්‍යයැයි බල්ලෝ බලලූන් වාගේ දරැවෝ බිහි වේවි. ගිතා අක්කේ. ඔයාගේ පාඩූවේ ඔයා ඉන්න. රට ගිණි කියන්නේ නැතුව.
මෙය ප්‍රායෝගිකව කල හැකි වැඩක් නොවේ .දරුවාගේ පියා හැටියට කාගේ හෝ නමක් දීමට මවට ඉඩ ඇති බැවිනි .දරුවකුගේ පියා කවුදැයි හරියටම දන්නේ මවය.සමහර විට එයාද දන්නේ නැත
මම හිතාගෙන හිටියේ දැනටමත් ඔය බැන්දලාද නැද්ද යන කාතව උප්පැන්නයට අහන්නෙ නැහැ කියලයි. අනික ඔය ගීතා නෝනගෙ දේශපානය ගැන මොන මොන විවාද තිබුනත් කියල තියෙන්නෙ හරි කතාවක්. .
මෙතෙක් කලකට ගීත කරපු හොඳම හෝ විශිෂ්ඨතම යෝජනාව විය යුතුයි. වර්තමාන සමාජ ආර්ථික තත්වය මත මේ යෝජනාව සම්මත කිරීම වැදගත්....