(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලංකා - යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිනිය ලෙස තේරීපත් වූවාය.
ශ්‍රී ලංකා- යුරෝපා සංගම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරු ශ්‍රී ලංකා - යුරෝපා සංගම් මිත්‍රත්ව සංගමයේ නව ලේකම්වරු වශයෙන් තේරී පත්වූහ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ තානාපති ඩෙනිස් චයිබි සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කාපු විනාශ කළ රාජපක්ෂලා වෙනුවෙන් සියලුම බැලමෙහෙවරකම් කරපු කෙනෙක්. ඒ කියන්නේ මේ රටේ විනාශයට වගකිව යුතු කෙනෙක්. රත්නපුර මිනිස්සු ඉදිරි මැතිවරණවලදී පවිත්‍රා වගේම එයාගේ ස්වාමියාම නිවාස තුළම තබන්නට වැඩ කරන්න නම් එයා මේ රටට කළ හැකි විශාල සේවයක්...
මේකිව මඩමකට ඇරපල්ලා
වාචාල කමට ගැලපෙන තනතුරක්ද මෙක. යුරෝපයෙ මිනිසුන් නම් හරිම විනීතයි. කටට පලස්තරයක් දාල තමා යුරොපයට රැස්වීම් වලට යවන්න ඕනෙ.
ඒකත් මිත්‍යාවෙන් විනාශ කරයි