IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුංචි ඡන්දය අත්‍යවශ්‍යයි - ජූලි චන්ග්

 

(විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසා ඇත.

ජාතික නීති සමුළුව 2023 අමතමින් ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය."අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය" යන තේමාව යටතේ සමුළුව පැවැත්විණ.

නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙස ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාවගෙන් එහිදී  ඉල්ලීමක් කර ඇත.ස්වාධීන අධිකරණයක සුදුසුකම් ලත් නීතිමය නියෝජනයක් හරහා සහ සිවිල් සංවිධාන සමඟ එක්ව රජයට සෘජුවම උපදෙස් දීමට හැකියාව මැතිවරණ තුළින් ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවන් නොමැති බවත් නීතියේ ආධිපත්‍යයෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයකට පැවතීමේ හැකියාවක් නොමැති බවත් ජුලී චන්ග් මහත්මිය සඳහන් කර තිබේ. නීති ප්‍රජාව යනු එම නීතියේ ආරක්ෂකයන් බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දී ඇත.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ආරම්භයේ සිටම පදනම් වී ඇත්තේ ස්වාධීන අධිකරණයේ වැදගත්කම සහ හවුල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත බව ජුලී චන්ග් මහත්මිය එහිදී පවසා තිබේ.



අදහස් (16)

පුංචි ඡන්දය අත්‍යවශ්‍යයි - ජූලි චන්ග්

ඡන්දසිරි Monday, 13 March 2023 06:56 PM

රටේ ජනතාවට අනවශ්‍ය දෙයක් දෙන්න කියලා කියන්න මෙයාට තියෙන අයිතිය මොකක්ද? එයාට අවශ්‍ය නම් වියදමට මුදල් දෙන්න කියන්න අපි පොතේ හැටියට නිදහස් රටක් කිව්වාට අනුන්ගෙන් යැපෙන රටක් බවත් මතක් කරන්න.

:       51       111

Ajith NissankaTuesday, 14 March 2023 12:12 AM

උන්ට දැන් අයිතියක් තියනව රටේ ඉන්න පුරවැසියන්ටත් වඩා! ලෝකේ වටේටම ගිහිල්ල නය උනාම නය කාරයෝ කියන විදියට ඉන්න වෙනවා කියල තේරෙන්නේ නැද්ද ??

:       1       1

C.K.Lankaputhra Tuesday, 14 March 2023 07:33 AM

ශිශ්ට සම්පන්න දේශපානය පවතින්න නම් මහජන චන්දෙත් අවශ්‍යතාවයක් බව නොදන්නන මහා උගතෙක්.

:       1       4

cavinTuesday, 14 March 2023 09:11 AM

මෙ මිනිස්සු මෙව කියන්නෙ සමික්ශන කරල එවගෙ ප්‍රතිඑල අනුව. ඔබතුමා වගෙ රනිල් රජපක්ශල ගැලවෙන්න යන අමුඩෙ අල්ලගන්න නෙවෙ.

:       2       3

senaTuesday, 14 March 2023 10:55 AM

යකෝ උඹලා හිතන් ඉන්නේ උඹයි රලු විතරයි රටේ ජනතාව කියලද?

:       2       5

Nuwan Monday, 13 March 2023 08:02 PM

ඡන්දසිරි, නමටත් කැතයි...

:       16       39

de silva berlin Monday, 13 March 2023 08:08 PM

ඇමෙරිකන් තානාපතිනියගේ මතය මම අනුමත කරනවා..., ගහමරා ගැනීම, හිංසා, පීඩා කරගැනීම මම අනුමත කරන්නේ නැහැ. ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ඔවුන්ගේ ඡන්ද අයිතිය උදුරාගැනීම වැරැදි ක්‍රියාවක්... එහෙම වුණාම ඔවුන් උද්ඝෝෂණ සහ කැරැළි මගින් රටේ පාලනය, බලය අල්ලන්න කටයුතු කරනවා. එහෙම වුණොත් විශාල වශයෙන් ජීවිත, දේපළ විනාශ වෙනවා.

:       0       0

Amarasena Monday, 13 March 2023 08:35 PM

යුක්‍රේනෙට ඩොලර් බිලියන 100 ගානේ දෙනව මාසෙකට. ලංකාවට සත පහක් දෙන්නෙ නෑ. අපි හිඟා කාගෙන ඡන්දෙත් තියාපන්කො ඉතින්. මෙයා ලංකාවට ආපු දවසේ ඉඳන් මිනිස්සුන්ට කන්නත් නෑ. පලකො හිටපු රටටම පව් නොදී.

:       2       1

Premakirthi Monday, 13 March 2023 08:38 PM

චීන මූණ, මාරයාගේ ප්ලෑන්. රටත් ඉවරයි තොපිත් ඉවරයි. රටවල් විනාස කරන්න ලේසියි ගෑනියේ හදන්න තමයි අමාරු.

:       1       1

Yuwan Monday, 13 March 2023 08:41 PM

ඇමරිකාව ලංකාවට උදව් කරල තියෙන බව ඇත්ත. ඒත් ඔයයි ඔයාගෙ කෙලින් යන්න පන නැති බයිඩන් පප්පගෙනුයි හරි වදයක් තියෙන්නෙ. ට්‍රම්ප් ආපහු ගෙනත් ඔයත් ගෙදර යන්න. ඒක මුලු ලෝකෙටම සැනසීමක් නෝනේ. යන්න හොඳේ. පින් සිද්ධ වෙයි.

:       2       1

මැක්ස් Monday, 13 March 2023 09:11 PM

වියානා සම්මුතිය මැයට අදාළ නැද්ද? වෙනදා හොරෙන් හොරෙනුත් දැන් එළිපිටමත් යැංකින්ට ආලවන්තකම් පාන ජවි පෙරමුණට ප්‍රාදේශීය වශයෙන් කිසියම් බලයක් අරන් දෙන්න මැයට උවමනා වී ඇති හැඩයි. කවදත් ඊළාම්වාදයට උඩ ගෙඩි දෙන ඇමරිකාව ජවිපෙ අනුර කුමාර, බිමල්, විජිත සහ හරිනි නෝනා හරහා 13 බලාත්මක කිරීමට අරඅඳිනවාදැයි ජනතාව විමසිලිමත් විය යුතුය.

:       2       1

මවිත Tuesday, 14 March 2023 12:34 AM

මෙයාගෙ කථා අහන දකින හැම වෙලාවෙම මට එන ප්‍රශ්නෙ, අපි කවුද? මේ රට කාගෙද? මෙයාල වරද්දගෙන ද? නැත්නම් අපට වැරදිලාද?

:       1       1

Kumara Tuesday, 14 March 2023 03:12 AM

අපිට ණයට සල්ලි .එපා.අවුරුදු හැත්තෑ පහක් අපි ණයට කෑවා .දැන්වත් අපේ දෙයක් කරගෙන ඉන්න දීපල්ලා .අපි තොපිට ණය කාරයෝ උනා .අපේ අනාගත දරුවොත් මේ කාලකන්නි ණයෙන් බේරාපල්ලා .අපිට මේ කාලකන්නි ක්‍රමය විනාශ කරන්න විතරක් උදවු කරපල්ලා

:       0       1

Demuni Uduwara Tuesday, 14 March 2023 05:23 AM

ඔබගේ "අනුමත කිරීම" අගය කරන්න!

:       1       1

Gampaha Darane Tuesday, 14 March 2023 05:51 AM

අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මෙවැනි බාහිර බලපෑම්වලට මැදිහත් වීම අනුමත කළ නොහැකි වුවද, තීරණ ගන්නන්ගේ මුග්ධ අධිෂ්ඨානයට ඇති එකම විසඳුම වන්නේ මෙවැනි සුපිරි බලවතෙකුගේ මැදිහත්වීමයි. වත්මන් පරිපාලනයට ලැජ්ජයි!...!

:       1       2

ජගත් ලියනගේ Tuesday, 14 March 2023 08:43 AM

ඔබතුමිය ඕක රනිල් වික්‍රමසිංහ ඉන්න තැනක කිව්ව නං තමයි ගොඩාක් වටින්නේ .

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site