(විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසා ඇත.
ජාතික නීති සමුළුව 2023 අමතමින් ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය."අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය" යන තේමාව යටතේ සමුළුව පැවැත්විණ.
නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙස ජුලී චන්ග් මහත්මිය ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාවගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.ස්වාධීන අධිකරණයක සුදුසුකම් ලත් නීතිමය නියෝජනයක් හරහා සහ සිවිල් සංවිධාන සමඟ එක්ව රජයට සෘජුවම උපදෙස් දීමට හැකියාව මැතිවරණ තුළින් ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දී ඇත.
ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවන් නොමැති බවත් නීතියේ ආධිපත්‍යයෙන් තොරව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයකට පැවතීමේ හැකියාවක් නොමැති බවත් ජුලී චන්ග් මහත්මිය සඳහන් කර තිබේ. නීති ප්‍රජාව යනු එම නීතියේ ආරක්ෂකයන් බව ජුලී චන්ග් මහත්මිය පෙන්වා දී ඇත.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව ආරම්භයේ සිටම පදනම් වී ඇත්තේ ස්වාධීන අධිකරණයේ වැදගත්කම සහ හවුල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත බව ජුලී චන්ග් මහත්මිය එහිදී පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාවට අනවශ්‍ය දෙයක් දෙන්න කියලා කියන්න මෙයාට තියෙන අයිතිය මොකක්ද? එයාට අවශ්‍ය නම් වියදමට මුදල් දෙන්න කියන්න අපි පොතේ හැටියට නිදහස් රටක් කිව්වාට අනුන්ගෙන් යැපෙන රටක් බවත් මතක් කරන්න.
ඡන්දසිරි, නමටත් කැතයි...
ඇමෙරිකන් තානාපතිනියගේ මතය මම අනුමත කරනවා..., ගහමරා ගැනීම, හිංසා, පීඩා කරගැනීම මම අනුමත කරන්නේ නැහැ. ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ඔවුන්ගේ ඡන්ද අයිතිය උදුරාගැනීම වැරැදි ක්‍රියාවක්... එහෙම වුණාම ඔවුන් උද්ඝෝෂණ සහ කැරැළි මගින් රටේ පාලනය, බලය අල්ලන්න කටයුතු කරනවා. එහෙම වුණොත් විශාල වශයෙන් ජීවිත, දේපළ විනාශ වෙනවා.
යුක්‍රේනෙට ඩොලර් බිලියන 100 ගානේ දෙනව මාසෙකට. ලංකාවට සත පහක් දෙන්නෙ නෑ. අපි හිඟා කාගෙන ඡන්දෙත් තියාපන්කො ඉතින්. මෙයා ලංකාවට ආපු දවසේ ඉඳන් මිනිස්සුන්ට කන්නත් නෑ. පලකො හිටපු රටටම පව් නොදී.
චීන මූණ, මාරයාගේ ප්ලෑන්. රටත් ඉවරයි තොපිත් ඉවරයි. රටවල් විනාස කරන්න ලේසියි ගෑනියේ හදන්න තමයි අමාරු.
ඇමරිකාව ලංකාවට උදව් කරල තියෙන බව ඇත්ත. ඒත් ඔයයි ඔයාගෙ කෙලින් යන්න පන නැති බයිඩන් පප්පගෙනුයි හරි වදයක් තියෙන්නෙ. ට්‍රම්ප් ආපහු ගෙනත් ඔයත් ගෙදර යන්න. ඒක මුලු ලෝකෙටම සැනසීමක් නෝනේ. යන්න හොඳේ. පින් සිද්ධ වෙයි.
වියානා සම්මුතිය මැයට අදාළ නැද්ද? වෙනදා හොරෙන් හොරෙනුත් දැන් එළිපිටමත් යැංකින්ට ආලවන්තකම් පාන ජවි පෙරමුණට ප්‍රාදේශීය වශයෙන් කිසියම් බලයක් අරන් දෙන්න මැයට උවමනා වී ඇති හැඩයි. කවදත් ඊළාම්වාදයට උඩ ගෙඩි දෙන ඇමරිකාව ජවිපෙ අනුර කුමාර, බිමල්, විජිත සහ හරිනි නෝනා හරහා 13 බලාත්මක කිරීමට අරඅඳිනවාදැයි ජනතාව විමසිලිමත් විය යුතුය.
මෙයාගෙ කථා අහන දකින හැම වෙලාවෙම මට එන ප්‍රශ්නෙ, අපි කවුද? මේ රට කාගෙද? මෙයාල වරද්දගෙන ද? නැත්නම් අපට වැරදිලාද?
අපිට ණයට සල්ලි .එපා.අවුරුදු හැත්තෑ පහක් අපි ණයට කෑවා .දැන්වත් අපේ දෙයක් කරගෙන ඉන්න දීපල්ලා .අපි තොපිට ණය කාරයෝ උනා .අපේ අනාගත දරුවොත් මේ කාලකන්නි ණයෙන් බේරාපල්ලා .අපිට මේ කාලකන්නි ක්‍රමය විනාශ කරන්න විතරක් උදවු කරපල්ලා
ඔබගේ "අනුමත කිරීම" අගය කරන්න!
අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මෙවැනි බාහිර බලපෑම්වලට මැදිහත් වීම අනුමත කළ නොහැකි වුවද, තීරණ ගන්නන්ගේ මුග්ධ අධිෂ්ඨානයට ඇති එකම විසඳුම වන්නේ මෙවැනි සුපිරි බලවතෙකුගේ මැදිහත්වීමයි. වත්මන් පරිපාලනයට ලැජ්ජයි!...!
ඔබතුමිය ඕක රනිල් වික්‍රමසිංහ ඉන්න තැනක කිව්ව නං තමයි ගොඩාක් වටින්නේ .