(අංජුල මහික වීරරත්න)
තුන්වන ධුර කාලය සඳහා තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පළ කර තිබෙි.
ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ චීනය ලැබූ ප්‍රගතිය අගය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ මෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගය අගය කළේය.
දෙරටේ සහයෝගීතාව චීන ජනාධිපතිගේ නව ධුරකාලය තුළ තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත ඉඹිනවාද?
මේ දෙදෙනාම අශිලාචාර ඒකාධිපතියෝ. දෙදෙනාගෙන් එකෙක්වත් " මහජනතාවගේ " චන්දයෙන් පත්වූ අය නොවෙයි . රනිල් වික්‍රමසිංහ මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ අයෙක් නොවෙයි.නිකම්ම නිකම් පින් - චිට් මන්ත්‍රී කෙනෙක්.ඉන්පසු පාර්ලිමේන්තුවේ සිටින පට්ට හොරු 134 දෙනෙකුගේ චන්දයෙන් පින් ජනාධිපති වුනා. චීනයේත් වෙනසක් නැහැ. ශි ජින්පින් කියන්නෙත් රටේ ජනතාවගේ චන්දයෙන් බලයට පත්වුනජනාධිපති කෙනෙක් නොවෙයි.චීන කොමියුනිස්ට් පක්ෂයේ සිටින තමන්ට ඉතාම හිතවත් කොමියුන්වල නායකයින්ගේ චන්දයෙන් පත්වුන ඒකාධිපතියෙක්. මේ දෙදෙනාටම ජනතාවගෙන් අභියෝග එල්ලවූ අවස්ථාවල හමුදාව යොදවා ජනතා නැගිටීම් මර්දනය කිරීම දැන් සාමාන්‍ය දෙයක්වී ඇත. එහෙත් ..අළු යට ඇති ගිනි පුපුරු කොයි මොහොතක හෝ මතුපිටට ආවිට ජනතාවගේ බලය කොපමණදැයි මේ අශිලාචාර ඒකාධිපතියන් දෙදෙනාම ඉගෙනගනු ඇත.