IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජ්‍ය ආදායම ඉහළ ගියොත් පළමුව සහන රාජ්‍ය සේවකයන්ට

(ඩයනා උදයංගනී)

රාජ්‍ය ආදායම ඉදිරියේදී ඉහළ ගියහොත් පළමුවෙන් සහන ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.

වර්තමානයේ පවතින බදුවලට රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණක් වන අතර, සෙසු සියයට 90ක රාජ්‍ය සේවකයන්ට එය අදාළ නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වත්මන් බදු ප්‍රතිසංස්කරණ හරහා ඉදිරියේදී රජයේ ආදායම් මාර්ග ඉහළ ගියහොත් ප්‍රථමයෙන්ම සහන ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ට බවත්, ඔවුන්ගේ දීමනා බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් මගින් සළකා බලමින් සිටින බවත් ඇමතිවරයා කීය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (10)

රාජ්‍ය ආදායම ඉහළ ගියොත් පළමුව සහන රාජ්‍ය සේවකයන්ට

wije Tuesday, 14 March 2023 12:20 PM

තොපි රටෙ රීරි මාන්සෙත් එක්ක උරා බීල තියෙන්නෙ අයෙ කොහෙ රටෙ අදායමක් උපදින්ටද තිරිසන්නු.

:       6       26

සුගත්Tuesday, 14 March 2023 05:02 PM

ලංකාව විනාශ වුණේ වංචා දූෂණ නිසා කියල අපි සරල චක්කරයක් කට පාඩම් කරගෙන ඉන්නව. ඇත්තටම ලංකාව විනාශ වුණේ වාමාංශික සහ සිංහල බෞද්ධ දෙමුහුන් දේශපාලනය නිසා. එජාපයට විරුද්ධව බණ්ඩාරනායක අටවපු තනි සිංහල බෞද්ධ මතවාදය එකක්. 71සහ 88-89 කැරළි. සරලවම කිව්වොත් එජාප ආණ්ඩු ලංකාව ලෝකයට අරන් යන්න දීර් ඝ කාලීන දැක්මකින් කරපු ව්‍යපෘති අපේ බයියන්ට තේරුණේ නෑ. ඔය ශ්‍රීලනිප සමසමාජ ජවිපෙ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ඒ වැඩපිළිවෙළවල් ආයුධයක් කරගෙන රටේ මිනිස්සු අවුස්සල ඔවුන්ගේ දේශපාලනය කරගෙන ගියා. වැඩි ඈතක නෙමෙයි රනිල් මීට අවුරුදු පහකට විතර කළින් රනිල් වයිෆයි ටැබ් දෙන්න හදද්දි ඔය කණ්ඩායම හැසිරුණු විදිය දැක්කනෙ. පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියල අන්තරේ කීපාරක් පාරට බහින්න ඇද්ද. 500 වාරයක් විතර? ඒ උද්ඝෝෂණ හින්ද කොච්චර අලාභයක් රටට වෙන්න ඇද්ද. සිංගප්පූරැ වෙළඳ ගිවිසුම එම්සීසී ගිවිසුම වගේ රටට වැදගත් ගිවිසුම් කීයක් අපි නැතිකරගත්තද. මතක තියාගන්න ලංකාව කවදාවත් ස්වයං පෝෂිත රටක් කරන්න බෑ. අපිට ලෝකෙත් එක්ක යන්න වෙනව. අපිට තියෙන්නෙ බටහිර හීනයක්. අපි චීනෙට රුසියාවට ආදරේ කරන්නෙ නෑ. අපි ආදරේ කරන්නෙ යුරෝපෙට. ඇමරිකාවට.

:       1       0

සහන Tuesday, 14 March 2023 12:34 PM

ඕක වැඩිකරන වෙන්න දෙන්නෙ නෑ හොරා කනව හැකියාව තිබෙන අය

:       3       19

ruwan Tuesday, 14 March 2023 01:20 PM

ඇයි බොලවු රජයේ සේවකයො විතරද රටේ වැදගත්. වැඩිපුර සල්ලි හොයල දෙන්න ඔය රජයේ සේවකයො ‌නෙමෙයි බොලවු පුද්ගලික අංශයෙ උන්.

:       0       11

Lalla Tuesday, 14 March 2023 05:28 PM

රට දුවන්නේ 75% පෞද්ගලික අංශය. ඒ වුනාට ප්‍රතිලාභ රාජ්‍ය සේවයට. මේ මොන විහිලුද?

:       0       2

සංකා Tuesday, 14 March 2023 01:41 PM

බැරි මරගාතෙ අර...මේ...ආදායම් නැග්ගොත් කිය කියා අදෝනා තිය තියා ඉන්නෙ නැතුව ඔය පින් ජනාධිපතිත් එක්ක දාල යන්නකෝ.මොකද රටේ ජනතාවට දැන් පාන් කියාගන්න බැරුව බදු ගහල පොලොවෙ පස් කනව ජීවිත් වෙන්න.රටේ හොරකම නැති කොච්චර තරුණ උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවද රට බාරගන්න. තොලොන්චිවෙලා යන එකයි ඇත්තෙ.

:       2       12

විපරමා Tuesday, 14 March 2023 01:59 PM

දේසපාලුවන්ගේ ආදායම නම් ඉහළ යයි.. බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නිසා රටම බන්කොලොත් වෙලා. ආර්තික ඔස්තාර් බයිලා ගහනවා.

:       0       7

නිහාල් Tuesday, 14 March 2023 02:00 PM

පාඩු ලබද්දීත් බෝනස් ගත්තෙ රාජ්‍ය අංශයේ අය තමයි. එයාලට කොහොමත් සහන තමයි. හැමදාම මැරි මැරී වැඩ කරන පුද්ගලික අංශයේ සේවකයන් තමයි රට දාලා යන්නේ. ඒ අය නිසා තමයි හිනාවෙන්න හරි ආර්ථිකයක් තියෙන්නේ. ගෙවල්වල ඉඳන් පඩි ගන්න රාජ්‍ය සේවකයන් නිසා නෙවෙයි.

:       1       12

ravin Tuesday, 14 March 2023 02:22 PM

රාජ්‍ය ආදායම වැඩිවෙන තරමටම හොරකමත් වැඩිවෙයි

:       0       8

දුශ් Tuesday, 14 March 2023 05:13 PM

අතිගරු කබ්බො ටික පඩි වැඩි කර ගත්තා නේද 2022 අගෝස්තු මාසේ. එතකොට රාජ්‍ය ආදායම වැඩි වෙලාද තිබුනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site