(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදා විශේෂ බලකායෙ කපිතාන්වරයකු ලෙස හා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හඳුන්වා දෙමින් ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබාගත් යුද හමුදාවේ හිටපු සෙබළෙක් ගල්කිස්ස ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිට දී පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ තරු තරුපහේ හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු රැකියාවක් කරන්නෙක් බවට අනාවරණය විය
වැල්ලවත්ත සිට මොරටුව දක්වා භාරව සිටින යුද හමුදා විශේෂ බලකායෙ කපිතාන්වරයකු ලෙස සහ සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස හඳුන්වාදෙන පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හමුවට ගොස් කිසිදු හිරිහැරයක් නොමැති ව ජාවාරම සිදු කර ගැනීම සඳහාය අවස්ථාව ලබාදෙන බව පවසා කප්පම් මුදල් ලබා ගැනීමේ නිරත වන බවට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව උපක්‍රමශීලීව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සොයා මෙහෙයුමක් සිදු කරන බව පවසා උපක්‍රමශීලීව සැකකරුව ගල්කිස්ස ප්‍රසිද්ධ විද්‍යාලයක් ඉදිරිපිටට කැඳවා සැකකරු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත
අත්අඩංගුවට ගත් සැකකරු වසර 34 ක් යුද්ධ හමුදාවේ සෙබළකු ලෙස රත්මලාන කඳවුරේ ස්වේච්ඡා භට සේනාංකයේ 4 වන රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර කෑගල්ල උඩවත්ත පදිංචිකරුවෙකි
සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර ,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජනිත, පොලිස් සැරයන්409 විජේරත්න ,කොස්තාපල්වරුන් වන 87119 අමිල , 92896 අකිල ,89631 අබේරත්න මහත්තුරු පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස හඳුන්වාදෙන පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හමුවට ගොස් කිසිදු හිරිහැරයක් නොමැති ව ජාවාරම සිදු කර ගැනීම සඳහාය අවස්ථාව ලබාදෙන බව පවසා කප්පම් මුදල් ලබා ගැනීමේ නිරත වන බවට" me kiyala thiyena widihata me paminilla idiripath karala thiyenne mathdraywa jawaram karayo neda? ethakota polisiya karala thiyenne mathdrawya jawaram karayonta karadarayak wechcha thawath horekwa ahak karapu eka neda?