
(අංජුල මහික වීරරත්න)
ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවයි.
ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බව සදහන් කළ සිනොපෙක් නියෝජිතයන් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවද කීය.
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ කැමැත්ත මත සිදු වන අදාළ කැඳවීම් සඳහා තම සමාගම ඉදිරිපත්වීමට සූදානමින් සිටින බවද එම නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ සිනොපෙක් ආයතනයේ නියෝජිත පිරිස ඊට අදාළ යෝජනාවලිය ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිලා කොමිස් ගහන්නේ නැති රජයක් ආවොත් ආයෝජකයෝ ඒවි.. කප්පම් ගන්න අප්‍රසන්නලා... කොමිස් ගහන සිරිපාල, රත්තරන් හොරු ඉන්න, මහබැංකු හොරු විසින් පාලනය කරන ආණ්ඩු තිබෙනකන් ආයෝජකයෝ එන්නේ නැහැ... ආවත් එන්නේ හොර සමාගම්..
ඩිස්ලයික් දාලා තිබෙන්නේ කොමිස් ගහන එකට කැමති හොරු
මේ කථාව ඇත්ත. සිපෙට්කෝ පාඩු ලබමින් බදු සූරාකාගෙන සේවකයෝ සැප හොයනව. ඉන්දියානු සමාගම අධික ලාභ ලබනව. සේවකයෝ සීයයි. සිපෙට්කෝ අතිරික්ත රෑනම හාරදාහකට කිට්ටුව. ඔක්කොම ජනසතු සේවා පෞද්ගලික අංශයට දුන්න නම් වර්ජන තර්ජන නැති හොයනව සේවයක් රටට ලැබීමට අමතරව රාජ්‍ය ආදායම ඉහල යාම නියතයි. ඇමතිලාට ජරාවත් පාලනය වෙනව නියතයි.... දුරකථන සේවය 1996 සහ අද සංසන්දනය කරන්න. එතකොට වැටහෙයි.