IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සහල් අරන් කෝටි ගණනක පොලු තියලා

(මුදිතා දයානන්ද)

සමූපකාර තොග වෙළඳ සංස්ථාවෙන් ආනයනික සහල් මිලදීගත් සමාගම් දෙකකින් අය විය යුතු කෝටි දොළහකට අධික මුදලක් ගෙවා නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එක් සමාගමක් 2018 දෙසැම්බර් 31 දිනට රුපියල් කෝටි 11 . 8ක මුදලක් ගෙවීම සඳහා ලබාදී තිබු චෙක්පත් අගරු වී තිබු බවද එහි සඳහන් වේ. ණය නොගෙවා සිටියදිත් දිගින් දිගටම එම සමාගමට සහල් නිකුත් කර ඇති බවද එහි සඳහන් වේ.

එම විගණන වාර්තාවට අනුව ණය පදනම මත සහල් ලබාදිමේදි අගරු චෙක්පත් ලබාදුන් සමාගමෙන් රුපියල් කෝටි දහයක බැංකු ඇපකර දෙකක් ලබාගෙන ඇති නමුත් ඒවායේ සත්‍යතාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරිමක් කර නැත.

ණය නොගෙවීම හා අගරු චෙක්පත් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී ඇති පරිදි එම සමාගම ලබාදී ඇති බැංකු ඇපකර දෙකද සාවද්‍ය ඒවාවේ.

එම සමාගමට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හා කොළඹ වානිජ මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එසේම තවත් ගැනුම්කරුවකු ලක්ෂ 56කට ආසන්න වටිනාකමින් යුත් සහල් මිලදි ගෙන ඇතත් ණය පදනමින් සහල් ලබාගත් බව ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එම සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණල්ලක් ඉදිරිපත් කර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 



අදහස් (1)

සහල් අරන් කෝටි ගණනක පොලු තියලා

ravin Tuesday, 14 March 2023 10:47 PM

මේන් සුදුලූනුගේ තවත් කියමනක් - රාජ්‍ය ආදායම ඉහළ ගියොත් පළමුව සහන රාජ්‍ය සේවකයන්ට.ආදායම ඉහල යයි නේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site