IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බාල ඖෂධ බෝතල් 6000 ක් කුණු කූඩෙට

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට බෙදා හැර තිබූ ඖෂධ බෝතල් 6000 ක තොගයක්  තත්වයෙන් අසමත් බවට තහවුරුවීම හේතුවෙන්    එම ඖෂධ බෝතල් ( පාවිච්චි කර ඉතිරිව තිබූ කොටස) 2021 වර්ෂයේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

එම ඖෂධ තොගය තත්වයෙන් අසමත් බවට හඳුනාගන්නා විට ඉන් සියයට 98  ක ප්‍රමාණයක් රෝගීන්ට ලබාදී අවසන්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

හෘද,අක්මා, වකුගඩු රෝග හා අධි රුධිර පීඩන  වැනි රෝග තත්වයන් සඳහා භාවිතා කරන  මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා රේගුවෙන් 2020 වර්ෂයේ  දෙසැම්බර් මස 24 වැනිදා නිදහස් කිරීම සඳහා පෞද්ගලික සමාගමකට නිදහස් කිරීමේ ලිපිය නිකුත් කරනු ලැබ ඇත්තේ  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විසිනැයිද එම වාර්තාව සඳහන් කරයි.

මේ සිරෆ්  බෝතල් තොගය 2021 අප්‍රේල් 19 දින වෛද්‍ය සැපයීම් අංශයට ලැබීමෙන් පසු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් කිහිපයකට මෙසේ බෙදා හැර තිබූ බව කියති.
මෙම ඖෂධ තොගය රට  තුළට පැමිණියේ ඖෂධයේ තත්වය පිළිබඳ ලේඛන හෝ සාම්පල ඇගයීමක් හෝ නොකර  නිදහස් කිරීමේ ලිපි  ලබාදීම හේතුවෙන් බවත් තත්වයෙන් අසමත්  ඖෂධ රෝගීන්ට මෙලෙස  ලබා දීමෙන් සිදුවන හානිය මැනිය නොහැක්කක්  බවත් එම විගණන වාර්තාවේ  සඳහන් වේ.

ජීවිතයක් බේරා ගැනීමට හෝ බෝවන රෝග හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීමට හෝ  ජාතික අවශ්‍යතාවයක් හා ජාතික ආරක්ෂාව වැනි විශේෂ අවස්ථාවලදී පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ  109 වගන්තිය ප්‍රකාරව  ඖෂධ නිදහස් කිරීමේ ලිපි නිකුත් කළ හැකි නමුත් එවැනි ගණයට නොවැටෙන ලියාපදිංචි අවලංගුවීම, ලියාපදිංචි සැපයුම්කරුවන් නොසිටීම, ලියාපදිංචි සැපයුම්කරුවන්  ලංසු ඉදිරිපත් නොකිරීම වැනි හේතු මත 2020 වර්ෂයේදී භාණ්ඩ නිදහස් කිරීමේ ලිපි 81ක්  නිකුත් කර තිබූ බවත්   එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.



 

 



අදහස් (1)

බාල ඖෂධ බෝතල් 6000 ක් කුණු කූඩෙට

චන්දන Monday, 13 March 2023 04:18 PM

මේවා ලංකාවට හොරෙන් ගෙනාපුවා නොවෙයි. මේවා ගෙන්වා ගත්තේ කව්ද? එයාලාට විරුද්ධව ක්‍රියාත්මක කරන්න නීතිය නැත්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site