(ඉන්දිකා රාමනායක)
නොමේරූ වල්ලපට්ටා ශාක කොටස් කපා විවිධ ආලේපන ගල්වා උසස් ගණයේ වල්ල පට්ටා ලෙස සකස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සැකකරුවන් සිව්දෙනකු කැළණිමුල්ල ගම්සභා හන්දියේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
ගම්සභා හන්දිය ප්‍රදේශයේ දී සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරිමේ දී එහි තුළ තිබී නොමේරූ වල්පට්ටා ශාක කොටස් කිලෝ 55 ක ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇත.
එහි සිටි සැකකරුවන් සිව් දෙනාගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි.
සැකකරුවන් ගම්සභා හංන්දියේ නිවසක් කුලියට ගෙන මෙම ජාවරම සිදුකරන බවත්, විවිධ ප්‍රදේශවලින් රැගෙන එන වල්ලපට්ටා නොමේරූ කොටක් මොවුන් විවිධ ආලේපන ගල්වා උසස් ගනයේ වල්ලපට්ටා වශයෙන් සකස්කර අලෙවි කරන බවට පොලිසියට තොරතුරු හෙළිකරගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වල්ලපට්ටා ජාවාරමක් කැලණිමුල්ලෙන් එළියට