(යොහාන් භාසුර)
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් සමඟ මැසිඩෝනියානු ජාතිකයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අද (13) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.
බ්‍රසීලයේ සිට පැමිණි මැසිඩෝනියානු ජාතිකයාගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් නවතා පරික්ෂා කිරීමේදී ඔහුගේ ගමන් බෑගයේ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය සොයාගත් බවත් එම කොකේන් පැකට් හතරකට දමා සුප් පැකට් ආකාරයට අසුරා තිබූ බවත් රේගුව සඳහන් කරයි.
වයස අවුරුදු 54 පමණ වන සැකකරු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව කී රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචාරකයාගේ බෑගයෙන් කෝටි දෙකක කොකේන් මතුවෙයි