
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි .
ඒ අතර යතුරු පැදිය පැදවූ පුද්ගලයා මෙන්ම ආධාර අනුබල දීම හා සැලසුම් කිරීම යෙදුනු පුද්ගලයන් වන බව පොලිසිය කියයි.
යතුරු පැදිය බොරැල්ල පොලිස් වසමේ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ එම ප්‍රදේශයේ රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබු පුද්ගලයන් දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එහිදී පරිප්පුවා සමග සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවිධාන අපරාධකාරයකුටනෙ වෙඩි තියල තියෙන්නෙ. ඉතින් උන්ව ප්රසිද්ද නොකර තවසැරයක් උත්සාහ කරන්න උදව් කරන්න.
අපරාධ කරුවෙක්ට වෙඩිතැබූ නිසා අත් අඩංගුවට ගැනීම ක්ෂනිකව වෙලා කියලා හිතන්නේ මට විතරද රාළාමි
වෙඩි තියපු කෙනාට නියම පරිප්පුව...!