(සුමිත් පොතුපිටිය)
පානදුර නගර මධ්‍යයේ දී කාන්තා පොලිස් නිළධාරීනියන් පිරිසකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයකු අසභ්‍ය ලෙස බැන වැදී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
පානදුර දකුණ පොලිසියේ කාන්තා භඨ නිවාසයේ සිට පොලිස් අධිකාරී කාර්යාලය දක්වා පාගමනින් යමින් සිටි කාන්තා නිලධාරිනියන් සිව් දෙනකුට මෙසේ බැන වැදී ඇතැයි සඳහන් වේ.
කාන්තා නිලධාරිනියන් සිව්දෙනා සිය හිස්වැසුම් අතෙහි රඳවාගෙන පානදුර නගරයේ ප්‍රධාන මත්ස්‍ය වෙළඳ සැලක් ඉදිරිපිටින් ගමන් කරමින් සිටි අවස්ථාවේ උරණ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔවුන් නවතා ‘‘තොප්පි අතේ තියාගෙන යන්නේ, තොපි හිඟා කාපියව්‘‘ යනුවෙන්ද පවසා අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර , මත්ස්‍ය වෙළෙඳ සලට පැමිණ සිටී පිරිස් මෙන්ම එහි සේවකයන් ද සිය කාර්යයන් නවතා කාන්තා පොලිස් නිළධාරීනියන්ට බැනවදින දෙස බලා සිට ඇතැයි සිද්ධිය ඇසින් දුටූවෙක් පැවසීය.
කාන්තා පොලිස් නිලධාරිනියන් අදාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ආචාර නොකිරීම සම්බන්ධයෙන් උරණවී මෙසේ බැනවැදී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
සිද්දිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරීයෙක් සදහන් කළේ එැවින සිදුවීමක් වාර්තා වන නමුත් මාධ්‍යට ප්‍රකාශ ලබාදීමට බලයක් තමන්ට බලයක් නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි අධිකාරිවරු...
හීනමානය කියන්නේ මානසික ලෙඩක්. ප්‍රථිකාර මගින් එය සනීප කළහැකියි. නැතිනම් මොහුට විශ්‍රාම ගැනීමෙන් පසුව තදබල ගැටළුවකට මුහුණ දෙන්න වේවි... මන්ද එවිට ලෙල්ල නැති කෙසෙල් ගෙඩියක තත්වයට පත්වන නිසා....
අර කාන්තා පොලිස් කොස්තාපල්ලගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කරානේ පානදුරේම නේද චමින්ද කියලා එක්කෙනෙක්...
Asp මහතා නිවැරැදියි. විනය උපරිමයෙන් තිබිය යුතුයි. නිලඇඳුම බාගෙට ඇඳීම තහනම්... ඉහළ නිලයන්ට ගරුකිරීම අනිවාර්යයයි..
යුනිෆෝම් එකක් දාගත්තාම හිතාගෙන ඉන්නේ මහ ලොකු වීරයෙක් කියලා. තමුන්ගේ නැහැදිච්ච කම ලෝකෙට පෙන්නුවා. ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි.
නිලධාරීන්ට පිට උදවිය ඉස්සරහා බැනපු එක වැරැදියි නමුත්, පොලිසිය විනයගරුක විය යුතුයි. තොප්පිය අතේ අරන් යන්න නෙවෙයිනේ මහජන මුදල් වැය කරලා ඕක නිකුත් කරලා තියෙන්නේ...
කොස්තාපල් වරියන්ගේ වුවද වරදක් දුටුවිට එම ස්ථානයේදීම පෙන්වාදීම උසස් නිලධාරීන්ගේ වගකීමක්.මාර්ගයේ ගමන් කරන්න ඕනේ පියවර එකට තබාගෙන සම්පුර්ණ නිලඇදුමින් සැරසිලා.කැප් එක පැලද සිටීම අනවාර්යයි. කැප් එක නැතිව වාහනයක් නවත්වන්නත් බලයක් නෑ. මෙම අභ්‍යන්තර විනය පාලන කටයුතු මාධ්‍යවල පල කිරීම එතරම් සුදුසු නෑ.තමන් කල වරදින් බේරෙන්න තමයි පරැෂ වචන කතාව පටලවලා තියෙන්නෙ.