(අංජුල මහික වීරරත්න)
වී මිල තීරණය කිරීමේ කමිටුව සඳහා ගොවි නියෝජිතයින් තිදෙනකු ද ඇතුළත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ගොවි නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිරියේ දී වී මිල තීරණය කිරීමේ කමිටුවට දිස්ත්‍රික් විසි පහේම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ එකඟත්වය මත ගොවි නියෝජිතයින් තුන්දෙනෙක් පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මෙවර මහ කන්නයේ දී වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට කටයුතු නොකරන අතර රජය විසින් වී මිල දී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් කිරීමට පියවර ගෙන තිබේ.
වී විල දී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර අවශ්‍ය වුවහොත් තවත් රුපියල් බිලියන 10ක් ඒ සඳහා වෙන් කිරීමට ජනපති තීරණය කරනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කමිටුව දැම්මත් අවසන් තීරණේ ගන්නේ ඩඩ්ලි...
ඉතාම හොඳ අදහසක්... මෙය අනිකුත් භාණ්ඩවලටත් කළ යුතුයි. එසේම පිටරටින් අල වැනි දේ ගෙන්වන කමිටුවලටත් අල ගොවීන් වැනි අය පත්කළ යුතුයි. නැතිනම් මේ තීරණ ගන්නේ දැනුමෙන් අඩුඅය හරි, පිටරටින් බඩුගේන විට ලාභලබන අයයි.