
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වගා නොකළ ඉඩම් අක්කර 3000ක් අහෝසි කළ බව ඉඩම් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 )පැවසීය.
ඉඩම් අක්කර තවත් හත්දාහක් අවලංගු කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජනබලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රොෂාන් රණසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
අක්කර පනහ හැට දීපුවා කිසිවක් වගා කරලා නැහැ. අප මේ ගැන සාකච්ඡා කළා.ඉඩම් අවලංගු කිරීමත් ලොකු ක්‍රියාවලියක්. ඒ කටයුත්තට අප දැන් මැදිහත් වෙලා ඉන්නවා. අවලංගු කරපු ඉඩම් තුන්වැනි පරම්පරාවට ලබාදීමට කටයුතු කරනවා
කින්ස් නෙල්සන් මහතා;
වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීමට කටයුතු කරන්න කියලා ඉල්ලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd