
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය )
කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී අද (10) රාත්‍රී හතයි තිහට පමණ බිළිඳෙකු සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි
නිල් පැහැති ප්ලාස්ටික් කූඩයක බහා බිලිදා වැසිකිළිය තුළ තබා ගොස් තිබිණ යැය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය
වැසිකිළියට ගිය මගියකු මෙම බිලින්දා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිළිඳු දරුවා ඔවුන්ගේ භාරයට ගෙන පසුව කොටුව පොලිසියට භාර දෙනු ලැබීය
මෙම දරුවා මාස එක හමාරක වයසේ පමණ පසුවන බව පෙනී යන්නේ යැයි එම නිලධාරියා කීය
පොලිස් භාරයට ගත් මෙම බිලින්දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව පොලිසිය පවසයි
මෙම බිලිදාවැසිකිළිය තුළ තබා ගිය අය ගැනසොයා ගැනීමට දුම්රිය ස්ථානයේ සවිකර ඇති සී සී ටීවී කැමරා පරික්ෂා කර ගෙන යන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය
කොටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කමක් නෑ. දරුවා හදාගන්න බැරිනම් දරුවන්ට අනතුරු, කරදර, හිංසා නොකර මෙහෙම හරි කරන එක යම් තරමකින් සැනසෙන්න පුළුවන් දැන් දැන් අසන්නට ලැබෙන දේවල් ගැන හිතනකොට...
වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම නිසා කිසිවක් නොදත් අහිංසක කිරිසප්පයින්ට වෙන දේවල් බොහෝම සෝචනීයයි..
වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතාගනී. මහා බලයක් ඇතැයිද විශ්වාස කරයි. එහෙත් අත්‍යාවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වනවිට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනිතනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ...