
(ජේ.ඒ.එල්.ජයසිංහ)
හසලක ශිෂ්‍ය භට පුහුණු කඳවුරකට ගිය මහනුවර ප්‍රදේශයේ බාලිකා පාසල සිසුවියකට එම කඳවුරේ නාවාතැනගෛන සිටියදි රාත්‍රී කාලයේ පැමිණි නාඳුනන අයකු අතවරයක් කර පළාගොස් ඇතැයි හසලක පොලිසිය කියයි.
මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුවියන් පිරිසක් මෙසේ රන්ටැඹේ පිහිටි ශිෂ්‍ය භට පුහුණු කඳවුකට ගොස් ඇත. එහි නේවාසිකව සිටියදි මෙම අකරතැබ්බයට මුහුණ පා ඇතැයි පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
කාමරයේ නිදා සිටි මෙම සිසුවියගේ පාදය ස්පර්ශ කර පළා ගොස් ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හසළක පොලිසිය හ රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුඳු කඳවුරේ නිලධාරීන් වැඩිදුර පිරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයින්ට පුහුණුව දෙන්නේ රණවිරුවන්ද? මේ ළමයින්ගේ ආරක්ෂාවට රෑට ඉන්නෙත් රණවිරුවන්ද? එහෙනම් නම් රණවිරුවන්ට හොරෙන් වනචරයෙක් කොහොමද ඔතෙන්ට රිංගන්නේ? රංටැඹේ කෑම්ප් එකේ පුුහුණුවට මොනා අඩංගුද කියන එක නම් දැන් ප්‍රශ්නකාරියි වගේ… පශ්චාත් විවාහක පාඨමාලාවම මේ පුහුණුවේ තියනවා වගෙයි පේන්නේ...
සිසුවියන් තබා සිසුවන්වත් අපේ කාලයේ කැඩෙට් කරන්න යන්නේ හරිම කලාතුරකින්... මේවගේ දෙමව්පියන්ගේ ආරක්ෂාව යටතේ කරන පුහුණුවක් දවල්ට කරලා ළමයින්ට දෙමව්පියන් එක්ක ඉන්න ක්‍රමයක් හදන්න.
යාලුවෝ විහිළුවට කකුල අතගෑවාද කවුද දන්නේ? සමහර ළමයි අධිකව කලබල වෙනවා...