
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සබරගමුව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සහ ව්‍යවහාරික පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර පැවති වොලිබෝල් තරඟාවලිය අවසානයේ ඇති වූ ගැටුමකින් සිසු සිසුවියන් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි.
මෙම වොලිබෝල් තරඟාවලියෙන් ව්‍යවහාරික පීඨයේ සිසුන් පරාජය ලබා කළමනාකරණ පීඨයේ සිසුන් ජයග්‍රහණය ලබා ඇත.
එම පරාජය දරාගත නොහැකි වූ බව කියන ව්‍යවහාරික පීඨයෙ පළවෙනි වසරේ සිසුන් කළමනාකරණ පීඨයේ පළවෙනි වසරේ සිසුන් සමඟ ඇතිකරගත් ආරවුලක් දුරදිග ගොස් එය පහරදීමත් දක්වා දුර දිග ගොස් ඇති බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.
මෙම ගැටුමෙන් කළමනාකරණ පීඨයේ පළවෙනි වසරේ සිසුන් තිදෙනෙක් ද විවහාරික පීඨයේ සිසුවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි විශ්ව විද්‍යාල පරිපාලනය විසින් මෙම වොලිබෝල් තරඟය සංවිධානය කර තිබුණු බවද කියති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය, හික්මීම, දරාගැනීම, ශක්තිය, ජය සහ පරාජය බාරගැනීමට ඒ සාමාර්ථයන් නැතිනම් වෙන මොනවටවත් ඒ සාමාර්ථයක් තිබුණත් වැඩක් නැහැ. දැන් විශ්ව විද්‍යාලයට තේරෙන බොහෝ දෙනෙක්... හොඳ වැදගත් ගතිගුණ තියන පවුල් වලින් පැවත එන අය නෙවෙයි කියලයි මට කියන්න තියෙන්නේ. ගස්වල කටු උල්කරන්න ඕනෑ නැහැනේ...
කුණු වී ඕජස් ගලන සමාජයක වී වී සිසුන් කියා වෙනසක් පැවතිය නොහැකියි. අපේ කාලයේදී වී වී සිසුවෙකුට සමාජයේ ඉතා හොඳ පිළිගැනීමක් තිබුණා. නමුත් වී වී සිසුන්ම එම පිළිගැනීම පිළිකුලක් බවට පත්කරගෙන අහවරයි.
අමු ගවයින් මේවායේ ඉන්නේ...!
ඕකෙ ඉන්න අය වැඩි හරියක් යන්තම් උසස් පෙළ ගොඩ දාගෙන හරි බෝට්ටුවෙන් ඇවිත් රිංගාගෙන හරි ඉන්නේ... මොලයක් ඇති අය ඉන්නේ කීපදෙනයි.. එක බැච් එකකට... ඉතින් පුදුම වෙන්න දෙයක් නෑ..
ජවිපයට කිසිම දෙයක් කරන්න බෑ...
ඔන්න රට හදන්න, උද්ඝෝෂණ කරන්න කරන කාලකණ්ණි වැඩ පේනවැයි...