(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරියකට ඉතා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට ලක් කළේ යැයි කියන එම දැරියගේ 39 හැවිරිදි කුඩම්මා රාගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

පාර කෑමවලට ලක් වූ දාහත් හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට රෝහල්ගත කරනු ලැබුවාය.

කාන්තා පොලිස් නිලධාරිනියකගේ රැකවරණය යටතේ ඇය රෝහල්ගත කර ඇත.

මෙම 17 හැවිරිදි දැරියගේ මව මිය ගොස් ඇති අතර ඉන් පසු පියා තවත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

එම විවාහයෙන් සැකකාර කාන්තාවට අවුරුදු නවයක් වයසැති ගැහැණුදරුවකු සිටින බවද පොලිසිය සඳහන් කරයි.

දහහත් හැවිරිදි මෙම දැරිය ගේ පියා වසර ගණනාවක සිට කොරියාවේ රැකියාවක නිරතව සිටී රාගම කුරුකුලාව ප්‍රදේශයේ නිවසක සිටින බාල වයස්කාර දැරියක්ව ද හිංසා වලට ලක් වන බවට රාගම පොලීසියට තොරතුරක් ලැබී ඇත.

රාගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් අසේල පෙරේරා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.