
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආචාර්යවරුන්ගේ වර්ජනය නිසා අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම සති දෙකක් ප්‍රමාද වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
"ළමයින්ගේ උත්තර පත්‍ර බැලීම ටැක්ස් එක සමග පටලවා ගන්න එපා" යයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ පළාත් පළාත්පාලන මැතිවරණය කල් තැබීම පිළිබඳ පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
උත්තර පත්‍ර පරික්ෂා කිරීම සති දෙකක් පහුවෙලා. එතකොට ප්‍රතිඵල නිකුත්කිරීම සති දෙකක් පහු වෙනවා. සාමාන්‍ය පෙළ මැයි මාසේ පවත්වන්න තියෙනවා. ඒකත් සති දෙකක් පහු වෙනවා. උසස් පෙළට පාසල් විසිතුනක් වහන්න ඕන. කොරෝනා ප්‍රශ්නෙන් අවුරුදු දෙකක් දරුවන් බැට කෑවා.
පාසල් ටික විශ්වවිද්‍යාල ටික පවත්වාගෙන යමු. මේ ප්‍රශ්න ඉදිරියේදී අඩුවේවි. ආණ්ඩුවේ අඩුපාඩු තියෙනවනම් පෙන්වා දෙන්න. අපි ඒවා හදාගන්න සූදානම්. මැතිවරණ තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. මූල්‍ය අරමුදලේ මුදල් 20 ලැබෙනවා. එතකොට සියලු සහන ලැබෙනවා. අප්‍රසන්න තීන්දු ගන්න සිද්ධ වුණේ බැරිම තැන. ගෝඨාභයගේ කතා ලියල දීපු අයත් දැන් එතුමා විවේචනය කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමතමන්ගේ ආත්මාර්ථකාමීත්වයක් නිසා එකෙක්වත් රට දැය, සමය ගැන හැඟීමක් නැතුව විවිධ ක්‍රියාකාරකම් කරනවා රටේ අනාගතය බාරගැනීමට සිටින දරුවන් අධ්‍යාපනය සඳහාම නාකිවෙනවා. මම අහලා තියෙනවා. එක් වෙදමහතෙක් අක්ෂි රෝගියෙකුට ප්රතිකාරකර සුවය ලබා ගාස්තුව නොදී මගහැරීම නිසා නැවතත් බෙහෙත්කර ඇස් අන්ධ කලාලු එහි විපාක කියවෙන ජාතක කතාවක් තියෙනවලු... ගුරුවරු ඉගැන්වීම් නොකර ආත්ම ගණනක් මානසික දුබලතා ඇතිව ගතකළාලු. මෙහෙම දුවා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට අනෙක් පිරිස් මෙහෙයවන සමිති ලොක්කන්ට හා අනුගාමිකයින් ඒවායේ විපාක විඳිනවා ඇති... ඔවුන් හරි යැයි කියන සැවොම කන්නිමහර සුමංගල හිමියන් සිංහලට පරිවර්තනය කළ සංසාර මන්දිර පුස්තකය පරිහරණය කෙරෙත්වා...!
බොරු කියන්න එපා... සති දෙකක් නෙවෙයි. තවමත් නිශ්චිත දිනයක් කියන්න බැහැ. කන්ට්‍රෝලින් මාකිං කරලා නැහැ. මාකින් ස්කීම් හදලා නැහැ... උත්තර පත්‍ර බලන්න ගුරුවරු නැහැ. බලන්න සැලසුම් නැහැ. බලන්න දවසක්වත් හිතාගන්න බැහැ. මේ තත්ත්වය අනුව සාමාන්‍ය පෙළ මොන මාසෙක තියන්න වෙයිද දන්නේ නැහැ. පාඩුයි කියලා මිල නග්ගන විදුලිය ඇමැති වගේ මෙයත් වැඩ කරන්නේ. නිශ්චිත වැඩ පිළිවෙළක් හදලා අහිංසක ළමයින්ගේ උත්තර පත්‍ර බලලා විභාග ටිකවත් හරියට කරන්න. මෙයත් කරන්නේ වැඩ අනාගන්න එක විතරයි...
පිනා සුසිල් කඩුවෙලට එපා...
මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවෙකුගේ පියා ලෙස කරන කාරුණික ආයාචනයයි... පසුගිය කාලයේ මෙම දරුවන් මුහුණ දුන් අපමණ දුක් වේදනා ගැන වැඩිහිටියන් හැමෝම දන්නවා... මෙම දරුවන් පමණක් නොව සමස්ත දරු පරපුර මෙම තත්ත්වය නිසා ඉදිරියට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ... ඉල්ලා ඇති සියලු දේ නැතත් ගුරුවරුන් සඳහා දිනකට රුපියල් දෙදහස බැගින් හා අනෙකුත් අයගේ කාර්ය සඳහා දීමනා සඳහා සැලකිය යුතු ප්‍රමාණයක් වැඩිකොට ඇත... වෙනත් අරගල සඳහා මෙම ප්රශ්නය භාවිතා නොකර ඉක්මණින් අදාල කටයුතු ආරම්භ කරන ලෙස හා මානුෂික ලෙස ක්‍රියාකරන ලෙස දෙපාර්ශවයම ආයාචනා කරමු...
අපේ රටේ තරම්... තමන්ගේ අරමුණු විතරක් ඉටුකරගන්න එහා සම්බන්ධ අහිංසක පාර්ශවවල ඇපයට තියෙන සක්කිලි... කාලකණ්ණි මිනිස්සු ඉන්න රටක් ලෝකයේ කොහේවත් නැතිව ඇති..
මේ වධ දෙන්නේ ළමයින්ට. ඔවුන්ගේ අනාගතයට. මේ වර්ජකයින් අම්මලා තාත්තල නම් මේ වගේ බලුකම් කරන්නේ නෑ.
මෙලෝ වැඩක් හරියට කරගන්ඩ බැරි උනාට, ලෝකෙටම පේන්න පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන්න නම් සූරයා...!
මෙලොවට බිහිවන සෑම සත්වයෝම ළදරු වයස, තරුණ වයස, මධ්‍යම වයස හා මහලු වයස ලෙසට ප්‍රධාන වශයෙන් අවස්ථාවන් හතරක්ද, වයස අවුරුදු දහයෙන් දහය ලෙසට අවස්ථා දහයක්ද පෙන්නන්න පුළුවන්... ඉතින් මේ කාලයන් අනුව බොහෝමයක් පිරිස් නැතත් සමහරක් පිරිස් වයස අවුරුදු හැටක් පමණ වනතුරුම ආවේගශීලීව හැසිරෙනවා... ඒත් කාටවත් අවුරුදු හැත්තෑව පමණ වනවිට ජීවිතය ගැන ඉතාමත් කලකිරීමක් ඇතිවෙනවා. ඒක වයිමාටවත් නවතන්න බැහැ. ඉතින් ඒ කාලය වනවිට හැමකෙනාටම තමන් සමාජයට කළ හොඳ දේවල් මෙන්ම නරක දේවල් සිහියට එනවා ඉතින් මරණාසන්න මොහොතේ සමාජයට කළ මෙහෙම අකටයුතුකම් අනිවාර්යයෙන් ආසන්න කර්මයක් ලෙසට සිහියට එනවා. ඒක නවතන්නත් කාටවත් බැහැ. හත් දවසේ තුන් මාසයේ අවුරුද්දේ මොන පිංකමක් කළත් ඒවාට ලැබෙන විපාකය නවතන්න නම් බැහැමයි. ඒ නිසා තමන්ට ලැබුණු මිනිස් ආත්මය තුළ දරුවන්ට මෙන්ම සමාජයට අසාධාරණ කරන කිසිවෙකුට ආත්ම කල්ප ගණනක් සසරේ දුක් විඳීමට හේතුවක් වෙනවා... නුවණැත්තෝ සිතත්වා අපාගතවීමට කැමැත්තෝ හැකි පමණින් දොස් කියත්වා... ඩිස්ලයික් දමත්වා...!