යක්කලමුල්ල වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි කුඩා දරුවා මියයයි යක්කලමුල්ල මාගෙදර ප්‍රදේශයේ නිවසක කුරුඳු තලමින් සිටි පුද්ගලයෙකුට ඉකුත් (19)දින දහවල් සිදු කරන ලද වෙඩි තැබිමකදි ඒ අසල සිට සිව් හැවිරිදි කුඩා ළමයාට වෙඩි වැදිතිබූ අතර බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම මියගිය බව කරාපිටිය රෝහල පවසයි. 30 October 2022
බංග්ලාදේශය ලකුණු 150 න් නවතී බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බ්‍රිස්බේන් නුවරදී අද (30) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 150 ක් ලබාගත්තේය. 30 October 2022
යාපනය වෙරළට මළ සිරුරක් ගොඩගසයි අනන්‍යතාවය තහවුරු කර නොගත් පුද්ගල මළ සිරුරක් යාපනය ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව ඉලවාලෙයි පොලීසිය සදහන් කරයි 30 October 2022
පුතා පියා පොලිසියට මාට්ටු කරලා ගාල්ල වටරැක ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජිව උණ්ඩ 28ක් සමග නිවෙස් හිමියා අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 30 October 2022
බොරු කියා කෝටි ගණන් ගැරූ කල්ලියක් මාට්ටු ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මූල්‍ය ආයතන මුලාකර රුපියල් කෝටි ගණනින් වංචා කළ සංවිධානාත්මක කල්ලියක තිදෙනකු සහ ව්‍යාජ ලිපි ලේඛන සෑදූ පුද්ගලයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 30 October 2022
වායුගෝලයේ කැළඹේ: වැස්ස වැඩිවේ ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 October 2022
එල්.එන්.ජී. ගෑස්වලට ඩොලර් හරහට LNG බලාගාරයන් විදුලි නිෂ්පාදනය ලබන මැයි මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට නියමිතව ඇතත් එය තව වසරක පමණ කාලයකින් කාලය යනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය. 30 October 2022
ජවිපේ රැස්වීමක් මාලදිවයිනේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශීය රැස්වීම මාලදිවයිනේ පැවැත්වීමට තීරණය කර ඇත. 30 October 2022
හලොවීන් සැමරුමක තෙරපී 149 ක් මරුට දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 October 2022
රජයේ උපදෙස් නොසලකා පළාත් සභාවල හිතුමතේට වැඩ රජයේ ලබා දී ඇති උපදෙස් නොසලකා බොහොමයක් පළාත් සභාවල හිතුමතේ නිලධාරීන් සේවයට යොදවා ඇති බව විගණන අංශය පෙන්වා දී ඇත. 30 October 2022
කුසගින්න නිවා ගන්න යාළුවකු සෙවූ දරුවන්ට දිවා ආහාරය ආර්ථික අපහසුතා නිසා පාසලට දිවා ආහාරය රැගෙන ඒමට නොහැකි වු සිසුවියක් වෙනත් පංතියක සිටින මිතුරියකගේ දිවා ආහාරය බලාපොරොත්තුවෙන් එම පංතියට මාරුකර දෙන ලෙස කළ ඉල්ලිමක් විදුහල්පති මගින් දැන ගත් සේරුවිල මංගල රජමහා විහාරාධිපති ශ්‍රද්ධා රූපවාහිනියේ අනුශාසක ය අලුදෙනියේ සුබෝධි හිමි එම පාසලේ ආර්ථික අපහසුතා ඇති සිසුන් සියදෙනකු වෙනුවෙන් දෛනිකව දිවා ආහාරය ලබාදිමට ආරම්භ කලහ. 30 October 2022
පඩියට චෙක් දෙන්න පෙර මුදල් ඇත්දැයි බලන්න වයඹ පළාතේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම ගෙවීම සඳහා අදාල චෙක් පත බැංකුවලට භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම තහවුරු කර ගන්නා ලෙසට වයඹ ප්‍රධාන ලේකම් වෙනුවට අධ්යක්ෂ පී. ඩබ්ලිව්. එස්. කේ. විජේසිංහ මහතා පළාතේ සියලු ප්‍රධානීන් වෙත දන්වා ඇත. 30 October 2022
අභිජනනයට ගෙනා එළුවන් මැරිල සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අභිජනන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා තිබූ එළුවන් 100 දෙනකු අතුරින් විසි එක් දෙනකු 2021 වර්ෂයේදී මියයෑම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 October 2022
බස් යතුරු පැදි අනතුරින් සැරයන් මරුට පාර්ලිමේන්තුවට අයත් බස්රථයක ගැටුණු මල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු යටකර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.යක ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 30 October 2022
ලබන බදාදා ජනතා විරෝධයට පාඨලීගේ 43ත් එක් වේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නොවැම්බර් 02 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විරෝධතාවයට පූර්ණ සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකය තීරණය කළේය. 29 October 2022
පොහොට්ටු මැති ඇමති පිරිසක් අලුත් ගමනකට මුල පුරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 29 October 2022
ඉදිකිරීම් කර්මාන්තයට වළපල්ලට යයිද ආර්ථික අර්බුදයත් සමග මෙරට ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටීම හේතුවෙන් ප්‍රධානපෙළේ ඉදිකිරීම් සමාගම් කිහිපයක්ම වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. 29 October 2022
ශුද්ධ ලකුණු වේගය සෘණ අගයක් ගනී ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති තරගයේදී නවසීලන්තය හමුවේ පරාජය වීම හේතුවෙන් එතෙක් ධන (+) අගයක්ව පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය සෘණ (-) අගයක් බවට පත්විය. 29 October 2022
හොටු පෙර පෙරා යළි නැගිටින්න දඟලනවා ජනතාව ගින්නට ඇද දැමූ රාජපක්ෂවරුන් ඇතුළු කණ්ඩායම නැවත වතාවක් කිසිවක් නොවුණු ගාණට ජනතාව ඉදිරියට ගොස් හොටු පෙර පෙර අඬමින් සහ දුක කියමින් අළු මතින් නැගිටීමට උත්සාහ දැරීම මේ යුගයේ ලොකුම විහිළුව බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. 29 October 2022
බැඳිවැව අලි වැට කරු අතින් ජනතා අයිතියට අලි - මිනිස් ගැටුමට විසඳුමක් ලෙස හබරණ, රිටිගල බැඳිවැව ගම්මානයේ ඉදිකළ කිලෝමීටර 4.4 කින් යුත් ප්‍රජා මූලික විදුලි වැට හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේය. 29 October 2022
ඉන්දියාවෙන් ආ ලාංකික සරනාගතයීන්ට පුරවැසිභාවය? උතුරු පලාතේ පදිංචිව සිටින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සරනාගත පවුල් 7000කට අයත් පුද්ගලයන්12500ක් වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සැලසුම් කර තිබේ. 29 October 2022
නවසීලන්තයට ලකුණු 65 ක ජයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ලකුණු 65 කින් පරාජය කරන ලදි. 29 October 2022
ශ්‍රී ලංකන් කොටස් දෙකක් විකුණයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් කොටස් අයිතියෙන් සියයට 49ක් විදේශීය ආයෝජකයකුට ලබාදී ඉන් ලබා ගන්නා මුදලින් ආයතනයේ ණය පියවා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 29 October 2022
කතා නායිකාවගේ සැමියාට පහරදීලා ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා නැන්සි පොලෝසිගේ සැමියා වන පෝල් පෙලෝසි ට ප්‍රහාරයක් එල්ල වී ඇත. 29 October 2022
නව ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කරයි ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති කාර්යාලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) විවෘත කළ බව ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. 29 October 2022
ශ්‍රී ලංකාවට ලකුණු 168 ක ඉලක්කයක් සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 167 ක් ලබාගත්තේය. ග්ලෙන් පිලිප්ස් පන්දු 64 කින් ලබාගත් ලකුණු ට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ. 29 October 2022
කාසියේ වාසිය නවසීලන්තයට සිඩ්නි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 29 October 2022
කිරින්ද ධීවර වරාය බලන්න ඇමැති ඩග්ලස් යයි මුහුදු වැලි වලින් කිරින්ද ධීවර වරාය ගොඩ වීම හේතුවෙන්වසර 15 ක පමණ කාලයක සිට කිරින්ද ධීවර වරායේ ධීවර කටයුතු අඩාලව පැවැති අතර එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අද 29 වනදා උදෑසන ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා කිරින්ද ධීවර වරායට පැමිණි අවස්ථාවේ මාසයක් ඇතුළත වරායේ වැලි ඉවත් කිරීමට කටයුතු කරන බවට ධීවරයන්ට පොරොන්දු විය. 29 October 2022
අට වැනි දා ආණ්ඩුව වට්ටයිද? ලබන දෙසැම්බර් මස 8 වෙනිදා අයවැය ලේඛනය පරාජයට පත්වී ආණ්ඩුව බිඳ වැටීමේ බරපතළ අනතුරක් පවතින බව නිදහස ජනතා සභාවේ සාමාජික අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 29 October 2022
ශ්‍රී ලන්කන්, විදුලිය, ඛනිජ තෙල් පාඩුව කෝටි හාර ලක්ෂයට ළඟාවෙයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය මේ වසර අවසානය වනවිට රුපියල් කෝටි හාර ලක්ෂයක පමණ( බිලියන 4000) පාඩුවක් ලබනු ඇතැයි රජය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 29 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025