විනය විරෝධී වැඩ කරන භික්ෂූන්ට වැඩ වරදී ශාසන විරෝධී සහ විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී තීරණය විය. 28 October 2022
එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගයත් වැස්සට සේදෙයි මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පැවැති වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයත් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය. 28 October 2022
21න් පසු කොමිෂන් සභා ස්වාධීන විය යුතුයි 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා සදහා නව සාමාජිකයන් පත්කිරීමේදී සමාජයේ පිළිගැනීමට හේතුවන අපක්ෂපාතී හා කීර්තිමත් පුද්ගලයන් පත්කරගැනීමේ අවශ්‍යතාවය කෙරෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂයන් මෙන්ම සිවිල් සමාජය ද සිය බලවත් අවධානය යොමු කලයුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 28 October 2022
මෙතෙර ඹෟෂධ එතෙර යවා ඩොලර් හොයන්න සැරසෙයි මත්ද්‍රව්‍යවලට අපි විරුද්ධ වුවත් සමහර දේශිය ඹෟෂධ විදේශගත කොට වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබා ගැනීමට හැකියාව ඇති නිසා ඉදිරි මාස දෙකක කාලය තුල දේශිය ඹෟෂධ අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව දේශිය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 28 October 2022
ද්විත්ව පුරවැසි ප්රශ්නය මැතිවරණ කොමිසම පිට පැටවීම වැරදියි ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්රශ්නය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ පිට පැටවීම වැරදි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,සමගි ජන බලවේගය පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 28 October 2022
ඛනිජ තෙල් පනත ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ 2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත මේ මස 26 වැනිදා සිට බලාත්මක බව නිවේදනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 28 October 2022
නිසි පෝෂණයක් නැති නිිසා ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් පසුගිය මාස කිහිපයේදී කොළඹ නගර මධ්‍යයේ පිහිටි රජයේ පාසලක, පන්තිය මැදදී ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි. 28 October 2022
එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගය ප්‍රමාදයි මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පවතින වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයේ ආරම්භය ප්‍රමාද වී තිබේ. 28 October 2022
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවකට දින දෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය. 28 October 2022
සයිකල් සිකුරාදාවක් ප්‍රකාශයට පත්කරයි සතියේ එක් දිනක් පා පැදියෙන් සේවයට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 28 October 2022
අධිකරණ පනත් නවයක් 10 වෙනිදා විවාදයට අධිකරණයට සම්බන්ධ පනත් නවයක් ලබන 10 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 28 October 2022
ශ්‍රී ලංකාව හා ගණුදෙනුවලට බංග්ලාදේශ මහ බැංකුවෙන් සීමා ’’ආසියානු නිෂ්කාශන සංගමය’’ ගෙවීම් යාන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් එම යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු නොකරන ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකුවලට දැනුම් දී තිබේ. 28 October 2022
දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සාව වැඩි වෙලා ඉන්ෆ්ලුවන්සා රෝගය දරුවන් අතරේ වැඩියෙන් පැතිර යන ප්‍රවණතාවක් මතුව ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 October 2022
දින දෙකකදී ඩ්‍රෝන ප්‍රහාර 30 ක් ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය. 28 October 2022
අයර්ලන්තය පියවරක් ඉහළට ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් ප්රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉහළට ගියේය. 28 October 2022
කෘෂි ඇමැතිම බර කිරා යූරියා පෝර බාර ගනියි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම අද (28) ආරම්භ කෙරිණි. 28 October 2022
දුෂ්මන්ත චමීරට ඕස්ට්‍රේලියාවේදී ශල්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටියදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පාදයක ශල්‍යකර්මයකට ඕස්ටේ්රලියාවේදී ලක්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 28 October 2022
ඇමෙරිකාවේ ක්‍රියාකලාපය ලෝක සාමයට තර්ජනයක් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන භයානකම දශකය මෙය යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් අගනුවර පැවැති දේශපනයනක් අතරතුරේය. 28 October 2022
සජබ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය ඇරඹෙයි සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කෙරේ. 28 October 2022
ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දමයි මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි. 28 October 2022
ඉලොන් මස්ක් ට්විටර් මිලදී ගනී ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් අවසන් කළේය. 28 October 2022
චීන ආධාර යටතේ තවත් ඖෂධ තොගයක් චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක් වටිනා ඖෂධ තොගයක් ඊයේ (27) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 October 2022
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 12ක් ජලය කපයි කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට අද (28) රාත්‍රී 10.00 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 28 October 2022
සා.පෙළ ප්‍රතිඵල ලබන 25 වැනිදාට පසු පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් පසුව ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2022
පැතුම් - ප්‍රමෝද් නැවත තරග බිමට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය. 28 October 2022
රජයේ වැඩපිළිවෙලට සජිත්ගෙන් චෝදනා වත්මන් රජය ඩොලර් අවශ්‍ය බව පැවසුවත් ඩොලර් උපයන සංචාර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇගලුම් ආදී අපනයන ක්ෂේත්‍ර සදහා විශාල ලෙස බදු පනවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 October 2022
සජබ ආසන සංවිධායකට වසර 5ක අත්හිටවූ සිර දඬුවම් අයුතු ජනරාශියක් දේපළ හානි සිදුකිරීම චොදනා ලැබූ සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි සජබ හලාවත ආසන සංවිධායක වරයාට වසරක බරපතල සිරදඬුවමක් දුන් හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස මහතා එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කළේය. 28 October 2022
දෙමටගොඩ රුවන්ගේ කෝටි 120 ගැන තවම විමර්ශන මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 120 ක ට අධික දේපළ හා මුදල් අධිකරණයෙන් ලබාගෙන නියෝගයකට අනුව තාවකාලිව තහනම් කර විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 28 October 2022
චීන යුවළක් කෝටි 1400 වංචා කරලා ක්‍රිප්ටෝකරන්සි මිළදීගෙන වැඩි ප්රතිලාභ ලබා ගැනීමට අරමුණින් මෙරට පුද්ගලයන් 8000 ක් පමණ දෙනා “ස්පෝට් චේන්” නැමැති පිරමිඩ් ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 28 October 2022
පළාත් කීපයකට වැසි ස්වල්පයක් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) වැසි වාර ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025