පළමු කාණ්ඩය වේලාසනින්ම රත්වෙයි
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරග 9 ක් අවසන් වන විට පළමු කාණ්ඩය සම්පූර්ණයෙන්ම විවෘත කාණ්ඩයක් බවට පත්ව තිබේ. නවසීලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ඇතුළත් වඩාත් අසීරු කාණ්ඩය ලෙසින් සැලකෙන පළමු කාණ්ඩයේදී අද පැවැති තරග දෙකක් වන අයර්ලන්තය හමුවේ එංගලන්තය පරාජය වීමත්, ඇෆ්ඝනිස්ථානු - නවසීලන්ත තරගය වර්ෂාවට සේදී යාමත් නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.