’’යාල සිද්ධියට අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න’’
යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර දඬුවම් ලැබිය යුතු පාර්ශවයන්ට දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශවලට දැනුම් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.