විෂය නොදන්න රාලහාමිලා රාජකාරියට දාලා කොළඹ නගරය හා අවට පොලිස් කොට්ඨාස පහක රථවාහන රාජකාරි සදහා අණුයුක්ත නිලධාරීන්ගෙන් 1050 ගෙන් 855 දෙනකු රථවාහන පාඨමාලාව හදාරා නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණ අනාවණය වේ. 23 November 2022
විදුලි බිල නොගෙවූ ඇමැති විදුලි සේවකයන්ට තගක් දාලා රුපියල් ලක්ෂයකට ආසන්න විදුලි බිලට පොලු තැබූ හිටපු අමාත්‍යවරයකුගේ විජේරාම පාරේ පිහිටි නිවසේ විදුලි විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකුට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයකු රාජකාරිය බාධා කළේ යැයි එම සේවකයන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත. 23 November 2022
ලොව අවදානම් මුදල් අතරට රුපියල් වැටෙයි ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා ඇත. 23 November 2022
ගැල්වැව සිරිධම්ම හිමි රිමාන්ඩ් බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා පොදු දේපල පනත ප්‍රකාරව අනර්ථයක් සිදුකළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනී විජේබණ්ඩාර මහත්මිය අද (23) නියෝග කළාය. 23 November 2022
ඕමාන තානපති නිලධාරියා ගැන කෝපා කමිටුවෙත් කතා කරලා ඕමාන තානාපති කාර්යාලයේ වැඩ තහනමට ලක්වූ නිලධාරියාට එරෙහිව පැමිණිලි පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ප්‍රමාදවී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා ) තොරතුරු අනාවරණය විය. 23 November 2022
සංධානයේ පක්ෂ 5ක් තිලංගට අකමැත්ත ප්‍රකාශ කරයි තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 23 November 2022
චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක් ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එම තරගාවලිය අතරතුරදී විනය විරෝධීව හැසිරීමට වරදකරු වීම නිසා ඔහුට වසර ක්‍රිකට් තහනමක් පනවා එය වසරකට අත්හිටුවූ බවත් ඊට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 5000 ක දඩයක් ද පැනවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය. 23 November 2022
ලංකා සතොසෙන් සහානයක් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල හෙට (23) සිට අඩු කිරීමට පියවර ගෙන තිබේ. 23 November 2022
වෙලේ සුදාගේ නඩුවට දින දෙයි ගිනි අවි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදාට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් 9 වැනිදා පැවැත්වීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පැමිණීල්ලේ සාක්කිකරුවන් වශයෙන් නම් කොට සිටින බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස අද (23) නියම කළේය. 23 November 2022
ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩක් දීම වැරදියි ව්‍යවස්ථාදායකයන් පත්වූවාට ඇමැතිවරුන් විධායකයේ දිගුවක් හෙයින් ඔවුනට පාර්ලිමේන්තුවේ වැඩි ඉඩකඩක් ලබාදීම වැරදි යැයි පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා තම ව්‍යාපාර බංකොලොත් වූ චීන මිලියනපති ව්‍යාපාරිකයෙකු ඉන්දීය රුපියල් කෝටි 52කට වැඩි තම ණය ගෙවා දැමීම සඳහා ග්‍රිල් කරන ලද සොසේජස් විකිණීමේ ව්‍යාපාරයක නිරත වීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා තුල විශාල අවධානයක් හිමිව ඇත. 23 November 2022
හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ සංඥා කම්බි කපා සොරකම් කරයි වත්තල, හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේ සංඥාා කම්බි කපා සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් එම සිද්ධිය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (23) පැවසීය. 23 November 2022
ඩුබායි සිට කොළඹට අතිරේක ගුවන් යානයක් එමිරේට්ස් ගුවන් සමාගම ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඩුබායි සහ කටුනායක අතර අතිරේක ගුවන් යානයක් යෙදවීමට තීරණය කර ඇති බවත් ගුවන් ප්‍රවේශපත් ඉල්ලුම පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹි බවත් එමිරේට්ස් ගුවන් සමාගම පවසයි. 23 November 2022
අබිං පනත බලාත්මකවේ පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) යන පනත් කෙටුම්පත අද (23) සිට 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ. 23 November 2022
චීනයේ සහතිකය ගැන ලොකු බලා පොරොන්තුවක් චීනය ඉදිරියට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතික ලබා දේවී යැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 23 November 2022
මැණික් වංචා කළැයි පොලිස් චරිතයට පණ පෙවූ නළුවා සමග නිළියක් අත්අඩංගුවට ටෙලි නාට්‍ය කීපයකට පොලිස් චරිතයට පණ පෙවූ නළුවෙක් තවත් නිලියක සමග එක්ව නිල් මැණික් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි. 23 November 2022
අල්ලස් කොමිසමේ ස්වාධීනත්වයක් නැහැ අල්ලස් කොමිෂන් සභාවේ ස්වාධීනත්වයක් නැතැයි සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
භූමිතෙල් බෙදා හැරීමේ ප්‍රමාදය දෙදිනකින් අවසන් භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 23 November 2022
කිරිඇල්ලගේ පැණයට මහින්ද අතින් කිව්වේ කුමක්ද? බලය දීමේදී 13ට එහා ගිය විසඳුමක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමති දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී විමසීය. 23 November 2022
පළාත් පාලන ඡන්දය ඉක්මනින්ම පවත්වන්න ඕන පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින්ම පැවැත්විය යුතු බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
රාමායනයට ජිවය දෙන්නේ භාරතයේ පිරිසක් එති ඉන්දීය ජාතික සංචාරකයෝ පිරිසක් ඉපැරැණි පුරාවෘත්තයක් වන රාමායණය ග්‍රන්ථයේ සදහන් ස්ථාන නැරඹීම සදහා අද දහවල් දිවයිනට පැමිණියහ . 23 November 2022
’’ජනපති හරිනම් අරගලයට පහන් පත්තු කර උදේ හවස වැඳිය යුතුයි’’ අරගලය නිසා ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ මහතා හරිනම් උදේ හවස පහන් හඳුන්කූරු පත්තු කර අරගල කරුවන්ට වැඳිය යුතු යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට තවමත් අනුමැතිය නෑලු ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේදී අනිද්දා (25) ආරම්භ වන තරග තුනකින් සන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව ඉතාම විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. 23 November 2022
පොලිස් යතුරුපැදියට පැන්න බල්ලා කොස්තාපල්ට මරු කැදවයි ධවනය වෙමින් තිබු පොලිස් යතුරුපැදියක් ඉදිරියෙන් බල්ලෙක් පාර හරහා පැනීම හේතුවෙන් එම පොලිස් යතුරුපැදිය අනතුරට ලක් වී විදුලි කණුවක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තවත් කොස්තාපල්වරයකු තවාල ලබා ඇති බව පානාමුර පොලිසිය කියයි. 23 November 2022
පොලු තියා ඇති නිවාස ණය අය කර ගන්න වැඩපිළිවෙළක් හදන්න මෙතෙක් අය වී නැති නිවාස ණය අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි යි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය. 23 November 2022
මංකි පොක්ස් වයිරසය හඳුන්වන්න අලුත් නමක් ‘මංකි පොක්ස්’ වයිරසය මින් ඉදිරියට ‘එම්-පොක්ස්’ යන නමින් පමණක් හැඳින්වීමට බලාපොරොත්තු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 23 November 2022
රට ගැන සිතා අවුරුද්දකට උද්ඝෝෂණ නවත්තන්න රට ගැන සිතා උද්ඝෝෂණ අවුරුද්දකට හෝ දෙකකට නවත්වන්නැයි රටේ සියලුම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
පළපුරුදු - දක්ෂ වෘත්තිකයන් රට හැරයෑම අනාගතයට ගැටලුවක් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පළපුරුදු සහ දක්ෂ වෘත්තිකයන් විදේශ රැකියාවලට පිටත්ව යෑම (බුද්ධිගලනය) ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ රටේ ප්‍රධාන ආයතනවල පරිපාලනයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතනවල ප්‍රධානීහූ පවසති. 23 November 2022
අයවැයට පක්ෂ වූ ශ්‍රීලනිප ජාතික සංවිධායකට වැඩ වරදී අයවැයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 23 November 2022
පාර්ලිමේන්තුවෙන් පිට වැඩ කරන්නේ නැහැ පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට, මන්ත්‍රී ආසන ප්‍රමාණය අඩු කිරීමට සහ මැතිවරණ වියදම් අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් පාර්ලිමේන්තුවෙන් පිට කිසිවක් හිතුවක්කාරී ලෙස නොකරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025