IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’රට ශක්තිමත් කියා මෝඩ චූන් ගන්න එපා’’

අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට ශක්තිමත් කියා උදම් අනා මෝඩ චූන් ගන්න එපා යැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රටක් විදියට අනතුර හරියට තේරුම් ගන්නැයි කී හේරත් මහතා නැත්නම් පස්සේ පසු තැවෙන්න වන බව පැවසීය.

ගිය වසරේ වසරේ තිබූ තත්ත්වයට වඩා මේ වසරේ රටේ තත්ත්වය හොඳ බවට කියන කතාව මිත්‍යාවක් බවද තෙල්,ගෑස් පොලිම් නැති වුනත් ආර්ථිකය ශක්තිමත් වී නැති බව වසර මැද මූල්‍ය වාර්තාවෙන් ඔප්පු වෙන බව විජිත හේරත් මහතා කීය.

ආර්ථික වර්ධන වේගය ඍණ 11.5 වී තිබෙන බවත් කර්මාන්ත බිඳ වැටීම 23% ක් වී ඇතැයි ද කී මන්ත්‍රීවරයා මේ තත්ත්වය යටතේ ආර්ථිකයක් ශක්තිමත් වෙන්නෙ කොහොමදැයි ප්‍රශ්න කළේය.

ගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී අපනයන ආදායම පහත වැටී ඇති අතර ගිය වසරට සාපේක්ෂව මේ වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 378 කින්  අඩු වී තිබෙන බව සඳහන් කළේය.



අදහස් (11)

’’රට ශක්තිමත් කියා මෝඩ චූන් ගන්න එපා’’

sukiri Friday, 21 July 2023 05:39 PM

මීළඟ සංදර්ශනය 1. රුපියල දුර්වල වීමට ඉඩ හැරීම 2. ටෙලිකොම් ඇතුළු ආයතන විකුණා රුපියල ශක්තිමත් කොට වීරයා වීම.

:       28       16

HELAYA Friday, 21 July 2023 05:50 PM

නුඹලා රට ගිනි තියලා විනාශ කරලා ... මෝඩ චූන් ගන්න අය...

:       38       45

අරවින්ද මොනරවිලFriday, 21 July 2023 06:11 PM

තවම බුඃ ගාන එක නවත්වලා නැහැ වගේ...

:       28       33

Dinesh Friday, 21 July 2023 06:36 PM

කතාව කියන කෙනා ගැන හිතන්න එපා. කියන කතාව බුද්ධිමත්ව හිතලා බලන්න. වහල්ලු වෙන්න එපා.

:       27       19

Bamunuarachchi Sunday, 23 July 2023 12:37 PM

හලෝ මෙයාගේ කීම පස්සේ යන අය වහල්ලු නොවෙයිද?

:       0       0

අරවින්ද මෙනරවිල Friday, 21 July 2023 06:23 PM

රනිල් රාජපක්ෂ කල්ලිය තමන්ගේ අනුගාමික ටොයි බයි හුරතලුන්ට ගොන් ආතල් එකක් දෙනවා... අර සේමසිංහ කියනවා ලබන සැත්තැම්බර් වෙනවිට රට බංකොලොත් භාවයෙන් මිදෙනවාලු. රටේ ආදායම මදියි ණය පොලිය සහ වාරිකය ගෙවන්න... රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගන්න වෙන්නේ විදේශිය රටවලට නැවත නැවත අතපාලා කීයක් හරි හොයාගෙන එහෙව් රටක් බංකොළොත් භාවයෙන් මුදවා ගන්න එක එක එකාට ඕන ඕන වෙලාවට ඕන ඕන විදිහට කරන්න පුළුවන් කියලා හිතන සහ කියන එකම විහිළුවක් බව රටේ ජනතාව දැන්වත් අවබෝධ කරගත යුතුයි...

:       1       0

SUNIL MILANO Friday, 21 July 2023 06:57 PM

මේ ජෙප්පන්ට වුවමනා රට ප්‍රපාතයකට වැටිලා තියෙනවා දකින්නයි. මොවුන් මානසික ආබාධිතයෝ. ලංකාවෙන් තුරන් වූ දවසට රට ස්වයංපෝෂිත වේවි...

:       22       33

ගමේ එකාලා Friday, 21 July 2023 08:44 PM

දේශපාලුවන්ට නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා පරම්පරා ගාණකට ඇති වෙන්න යහමින් හරිහම්බ කරගත්තු අය ඉන්නවා. කන බොන හැටි ලිප විතරයි දන්නේ...

:       5       23

කිරිපුතා Friday, 21 July 2023 11:25 PM

ඔව්, මෙයාලාට ඕන අටේ ප්‍රශ්න... රට නැගිට්ටොත් එයාලාට චූන් වෙන්න බෑ...!

:       0       1

PRASANNA Saturday, 22 July 2023 12:44 PM

හැමදාම කළේ මිනිස්සුන්ගේ මොරාල් එක කඩන එක විතරයි. ජනතා සහාය නැතිව රටක් දියුණු වෙන්නේ නැහැ. ජනතාවටත් වගකීමක් තියෙනවා. එහෙම තමයි කොරියාව, චීනය, ඉන්දියාව දියුණු වුණේ... බලාගෙන ඉන්නේ නිකන් කන්න...

:       2       6

Bamunuarachchi Sunday, 23 July 2023 04:06 AM

නෑ බන්... ඔබලා රට හදනවා කියන එක අහලා මෝඩ චූන් එකක් ගන්නෙත් නැහැ අපි. කාල්මාක්ස්ගේ පඹ රූපේ උස්සන් ගිය නුඹලා රට හදන්න යන විදිහ ගොබ්බ ජෙප්පන් තේරුම් නොගත්තාට අපි දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site