
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත ව්‍යපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ගෞතම අදානි මහතා පවසා තිබේ.
කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම, මෙගා වොට් 500 ක් ධාරිතාවයෙන් යුත් සුළං විදුලිබල ව්‍යාපෘතිය සහ හරිත හයිඩ්‍රජන් වායුව නිපදවීම සඳහා බලශක්ති විශේෂඥ දැනුම සැපයීම ඇතුළු ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බව ගෞතම අදානි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනා රට විකුනන්න වගේ යන්නේ ?
අපෙ රටෙ නයකය ගිහින් ඉන්දියාවෙ බිස්නස් කාරයෙක් මුනගැහෙන එකත් නිව්ස් එකක් වෙලා.
ඔය ඉන්නෙ ඩබලම එකම පාට ටයි දාල අපෙ රටෙ විකුනන තියෙන දේවල් ඔක්කොම විකුනයි.
වෙදාගේ ......ඔයාගෙ කතාව සහතික ඇත්ත. රටට අබ සරනයි. ඉන්දියාව කපටිකමෙන් අපේ දේශීය සම්පත් අපේ මෝඩ දේශපාලුවන්ගෙන් කොල්ල කාල ආනාගත පරපුරට රටක් නැතිවෙයි.
රට ඇතුළට හැරලා... හම්බන්තොට වරාය හදලා... රට ගොඩකරලා.. පෝර්ට් සිටි හදලා... චීනට දෙනකොට අපතයාට සනීපද?