
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රුපියල් බිලියන 10ක් නැතැයි කියමින් පළාත් පාලන ඡන්දය ඡන්දය නොපැවැත්වූ ආණ්ඩුව පසුගිය මාස පහට රුපියල් බිලියන 230ක ආහාර පිටරටින් ගෙනවිත් තිබෙන බව ගම්පහ දිස්ත්රික් මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද සිගරට් බොන මිනිහා බීඩි බොන තත්ත්වයට පත්වී තිබෙන බවත් මෙයින් පේන්නේ රටේ ජීවන තත්ත්වය පහළ ගිය ආකාරය යැයිද කී ෆොන්සේකා මහතා රටේ බීඩි බොන ප්රමාණය සියයට 100කින් වැඩි වී තිබෙන බව කීය.
හරි මාර්ගයේ යා යුතු යැයි රජයේ කිසිම කෙනෙක් තේරුම් ගෙන නැතැයි ද මේ අය හැදෙන පාටක් පෙනෙන්නේ නැතැයි ද කී ෆොන්සේකා මහතා බීඩි ඔතන්නට ඉන්දියාවෙන් ගෙනෙන කොලයෙන් පවා වංචා දූෂණ සිදු වෙමින් පවතින බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අප්පුහාමි හමුදාව පාලනය කළා වගේ රටක් පාලනය කරන්න බැහැ කියන එක ඔයා තවමත් තේරුම්ගෙන නැහැනේ . චන්දෙට වඩා මිනිස්සුන්ට කන්න දෙන එක වැදගත් කියල අපිටනම් තේරෙනවා . ඔයා තව කොචර කෑගැහුවත් මන්ත්රී කමෙන් එහා දෙයක් ඔයාට නැවත කිසිදාක ලැබෙන්නේ නැහැ .
ආහාර කොච්චර ගෙනාවත් බඩු මිළ අහස උසට. ඒකෙනුත් කොමිස් ගහනවා. පින් ජනපතියා ඇතුලු දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවන් ඡන්දෙට බයයි.. ජනතාව රවට්ටපු මහපාරට ඇදලා දාපු, දූෂිත දේශපාලුවන්ට යන එන මන් නැතිවෙනවා. හොර දූෂිතයින් හිතාගෙන ඉන්නේ හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා...
යකෝ, ඡන්දේ කන්නද? මිනිස්සුන්ට කන්න එපායැ...
ඡන්දයක් තිබුණාම... වියදම විතරයි... පත්වුණු අයටත් අපේ බදුමුදල්වලින් පින්පඩි ගෙවන්න ඕනෙ පිටරටින්... බඩු ගේන්නේ මුදල් යොදවලා... ඊටපස්සේ ලාභය ගන්නවා... මේකවත් තේරෙන්නේ නැති කෙනෙක්ද රටේ නායකයා වෙන්න ඉල්ලන්නේ?
රටට හෙණ ගහලා ගියත් ‘‘ඥාති සංග්රහවල‘‘ අඩුවක් වෙන්නේ නැහැ.