(යොහාන් භාසුර)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය ලබන වසරේ (2024) නොවැම්බර් මස 4 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වන අතර 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.