IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිමි නමක් අපවත් වූ හැටි

(කේ. බුද්ධික කුමාරසිරි)

නවගමුව පත්තිනියාවත්ත ප්‍රදේශයේ  අසපුවක වැඩ විසූ ස්වාමීන් වහන්සේ නමක් උන් වහන්සේ විසින් ම සාදා ගත් චිතකයක් මත සැතපී ගිනි තබා ගෙන අපවත් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙලෙස අපවත්ව ඇත්තේ  81 හැවිරිදි හිමිනමකි.

වර්ෂ 2004 දී මහණ දිවියට පත් උන් වහන්සේ අමිත අරණ නම් අක්කර එකහාමාරක් පමණ වන අසපුව වැඩ සිට ඇති අතර මින් පෙරද එම අසපුව අසල චිතකයක් සාදාගෙන සිට ඇති බවත් පසුව පසුගිය ජනවාරි මාසයේදී නව චිතකයක් ආවාස ගෙය අසලම ඉදි කර ගෙන තිබී ඇතැයි ද එම චිතකය මත හිද ගිනි තබාගෙන ඇතැයි සිදුකල පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි ද නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

 



අදහස් (11)

හිමි නමක් අපවත් වූ හැටි

පැරකුම් Friday, 21 July 2023 09:20 AM

දිවි නසාගැනීම මහා පාප කර්මයකි. එවැන්නෙකුට ගරුකිරීම බුදුදහමට කරන නිගාවකි.

:       9       24

උපාසක Friday, 21 July 2023 12:35 PM

නොදන්නා දේවල් පතුරුවා හැරීම මහා පාප කර්මයකි. දිවි නසාගැනීම ගැන දහමේ ඇති දෙය දන්නා කෙනෙකුගෙන් හරියට දැනගන්න. දිවි නසාගැනීම දහම අනුමත නොකරයි. ඒ ගැන සත්‍ය දැනගන්න...

:       1       6

prasadFriday, 21 July 2023 12:51 PM

පර පණ නැසීම තමයි පාපය. බුදුන් වැඩ සිටි කලත් සිය දිවි නසා ගත් රහතුන් වැඩ සිටියා. කරණා ගැබුරින් සොයා බලන එක හොදයි.

:       1       3

.ලුම්බිණි Friday, 21 July 2023 10:12 AM

මානසික ආබාධයකින් පෙළුන අයෙක්

:       2       21

prasadFriday, 21 July 2023 12:51 PM

පර පණ නැසීම තමයි පාපය. බුදුන් වැඩ සිටි කලත් සිය දිවි නසා ගත් රහතුන් වැඩ සිටියා. කරණා ගැබුරින් සොයා බලන එක හොදයි.

:       1       2

කැපකරු Friday, 21 July 2023 12:38 PM

කව්රුහරි කරපු දෙයක් වෙන්නත් බැරි නෑ. පණපිටින් කාටද ගිනිතියාගන්න පුළුවන්. ටිකක් පිච්චේනකොට නැගිටලා දුවනවා.

:       2       2

චාමර Friday, 21 July 2023 12:41 PM

පොල්ගහවෙලට සම්බන්ධ අසපුවක්ද.

:       1       2

SK Friday, 21 July 2023 01:49 PM

සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසලයක් නෙමේ. රේරුකානෙ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්ම විනිශ්චය පොතේ තියෙනවා.

:       3       5

පිටිගල මිලානෝ Friday, 21 July 2023 04:10 PM

ධර්මය වැරැදි තැනින් අල්ලාගන්න එපා කියලා තථාගතයාණන් වහන්සේ දේශනා කළේ මේ නිසයි….

:       1       5

මිත්‍යාදුෂ්ටිකයෝ Saturday, 22 July 2023 02:33 PM

රූපාවචර 4 වන ධ්‍යානය ඇති මුනිවරුන් හෝ නිර්වාණ ධාතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කළ උත්තරීතර රහතන් වහන්සේලා තමන් කැමති වේලාවක මරණයට පත් වෙති...

:       0       2

මිත්‍යාදුෂ්ටිකයෝ Saturday, 22 July 2023 02:33 PM

රූපාවචර 4 වන ධ්‍යානය ඇති මුනිවරුන් හෝ නිර්වාණ ධාතුව සම්පූර්ණයෙන්ම අවබෝධ කළ උත්තරීතර රහතන් වහන්සේලා තමන් කැමති වේලාවක මරණයට පත්වෙති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site