(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝකයේ වැඩිපුරම පිටිකිරි භාවිතා කරන රටවල් පහෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
දියර කිරි සමග සාපේක්ෂව ගත් කළ පිටිකිරි භාවිතා කිරීම පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම අභියෝගයක්ව තිබෙන බවද පශු සම්පත් කාර්යාල 337 ක් ලංකාවේ තිබෙන අතර "සැබ්" ආයතනයේ සහය ගෙන දියර කිරි අලෙවිය ප්‍රචලිත කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකාවට අවශ්‍ය කරන කිරි ප්‍රමාණයෙන් මෙරටින් ලැබෙන්නේ සියයට හතළිහක් පමණක් බවද සියයට 60ක්ම විදේශ රටවලින් ආනයනය කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ කිරි ගොවීන් සතු දෙනුන්ගේ පෝෂණ අවශ්‍යතාවය වැඩි කිරීමටත් නියමිත වෙලාවට සිංචන කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙන බව පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඩී .බී හේරත් මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉඳන් පම්පෝරි ගහනවා .මේ කප් ගැහිල්ල මේ විෂය භාර ඇමතිවරුන්ගේ නොහැකියාව නේද දියර කිරි තිබෙනවානම් මිනිස්සු ඒවා බොයි .දියර කිරි සුලබව ගන්න තියේද ?
අද කුඩා දරුවන් දෙදෙනෙකුට අවම වශයෙන් සතියකට දියර කිරි ලීටර එකේ පැකට්ටු 3ක් වත් අවශ්‍යයි. එකක සාමාන්‍ය මිල රු 500 යි. මසකට රු 6,000. එතකොට සාමාන්‍ය පුද්ගලකුට කරන්න පුළුවන් රු 2000ක පිටි කිරි පැකට්ටුවක් අරන් වතුර වැඩියෙන් දාල බොන්න දෙන එක තමයි. ඕක නොතේරෙන ඇමතිවරු නඩත්තු කරන්න අපිට සිද්ධවෙලා තියෙන්නේ අපේම කරුමෙට
අර හැටනම ලක්ෂයම බොන්නේ පිටිකිරි…