(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක

කොළඹ ගුණසිංහපුර ආලෝක සංඥාපුවරුව ආසන්නයේ දී කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට නිරුවත පෙන්වා පලාගිය බව කියන 56 හැවිරිදි පුද්ගලයකු අල්ලා පොලිසිය බාරදී ඇත.  

අත්අඩංගුවට ගත් සැකකරු ඔබේසේකරපුර ,රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල රාජකාරි කරන මෙම කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා දෙදෙනා රාජකාරි කටයුතු නිම කර  කොටුව පොලිස් ස්ථානයේ පිහිටි කාන්තා නේවාසිකාගාරය වෙත පාගමනින් ගමන් කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.

ගුණසිංහපුර ආලෝක සංඥා පුවරුව ආසන්නයේ පසුකරගෙන මෙම පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනා ගමන් කරමින් සිටියදී ඒ අසල රැඳී සිටි මෙම සැකකරු ඔහු ඇඳ සිටි කලිසම ගලවා එම නිලධාරිනියන් දෙදෙනාට නිරුවත පෙන්වා පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මේ බව දුටු ඒ අවට සිටි පිරිසක් පළා යමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් අල්ලා පිටකොටුව පොලිසියට භාර දී ඇත.