(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශයන්ගෙන් පොල්තෙල් මහ පරිමාණව ගෙන්වීම හේතුවෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදන කර්මාන්ත 200 ක් පමණ වැසී ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
පොල් තෙල් ආනයනයකරුවන්ට රුපියල් 200 ක බද්දක් අය කරන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා:
බද්දක් පැනවීමට නිර්දේශ ලබාදී තියෙනවා . මුදල් අමාත්‍යාංශය තමයි දැන් බදු පැනවීම කරන්න ඕන. අපි ඒ ගැන අවධානයෙන් ඉන්නවා. මම නැවත වතාවක් ඒක මතක් කරන්නම්. මේ රටේ නිපදවන පොල්තෙල් දේශීය අවශ්‍යතාව සහ කර්මාන්ත සඳහා ප්‍රමාණවත් මදි.ඒ නිසා තමයි රටට අවශ්‍ය පොල්තෙල් යම් ප්‍රමාණයක් ආනයනය කරන්න සිද්ධ වෙන්නේ. දේශීය පොල්තෙල් නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළකට යනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලා ඇමති හැමදේම ආනයනය කරන්න දඟලන එක නවත්වන්න. බිත්තරවලට කළ අපරාධය නිසා කුකුළු ගොවිපල කර්මාන්තය මගින් යැපෙන අය අවිනිශ්චිත තත්වයක ඉන්නේ... පොල්වලට හොඳ මිලක් ගන්න ඕන කර්මාන්තය වගාව ව්‍යාප්ත කිරීමට නම්...!