
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිවසමගි ජන බලවේගය විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) බාර දුන්නේය.
මෙම යෝජනාව කතානායකවරයාට බාර දෙනු ලැබුවේ සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහත්වරුන් විසිනි.
සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනකු
අත්සන් තබා ඇත.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවට මෙම විශ්වාසභංග යෝජනාවෙන් චෝදනා නගා ඇත.
දිවයිනේ විවිධ රෝහල්වලදී පසුගිය දිනවල සිදු වූ පුද්ගලයන් කිහිප දෙනකුගේ හදිසි මරණ සම්බන්ධයෙන්ද රටේ ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවිය. මේ සම්බන්ධයෙන්ද විපක්ෂයේ මන්ත්‍රීවරු සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ විපක්ෂයේ ඕනෑම විරෝධයකට මුහුණදීමට සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළිය විතරක් නෙවෙයි, රනිල් ඇතුළු රජයම ගෙදර යැවිය යුතුයි...!
මෙහෙම දේකදී පින්තූරත් ගහනවද? කතානායක කියන්නේ මේ වගේ නෝන්ජල් වෙන කෙනෙක් නේද?
විශ්වාස භංගයක් ගෙනාවා කියලා වැඩක් වෙන එකක් නැහැ.
රට බංකොළොත්, ජනතාව හාමතේ, මේගොල්ලෝ මෝඩ චූන්... තවමත් පරණ ක්‍රමයට හැමදාම බලය ඇල්ලීමේ ක්‍රියාවලියක ඉන්න බහුබුතයින්...!
කතානායක විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක්ද?