IMG-LOGO

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු වැඩි කරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නීති  විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම  උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයැදුම්පත් කැඳවා ඇතැයි කී විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතුව තිබෙන බව සඳහන් කළේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසූයේ අලුත් ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීමක් සිදුකර තිබෙන බවයි.

නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම වැඩි කිරීම කළ බවත් සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන අතර  නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා දෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍යවරයා කීය.

නීති විද්‍යාලයට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැතැයි ද නීති විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් අය කරන සුළු මුදලින් සිසුන් පන්දහසකට පමණ අධ්‍යාපනය ලබා දෙන බවද  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නීති විද්‍යාලයේ සඳහා අයැදුම් පත් කැඳවීමේ කාරණය පිළිබඳව කරුණු සොයා බලා ඉදිරිපත් කරන බවද රාජපක්ෂ මහතා කීය.



අදහස් (1)

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තු වැඩි කරයි

abaran Friday, 21 July 2023 04:16 PM

ඇඟේ තරමටම මොළයත් තිබුණා නම් කියලා මට විතරද මන්දා හිතෙන්නේ...? රුපියල් 1200 කින් විභාග ගාස්තු වැඩිවුණා කියලා පාර්ලිමේන්තුවේ කතාකරන්න දෙයක්ද උන්නැහේ? ඔයා තවමත් කරන්නේ ගැලරියේ දේශපාලනයම නේද? පන්සල්වලට සල්ලි බෙද බෙදා ගියා. කුකුල් කුඩු වගේ ගෙවල් බෙද බෙදා ගියා... වතු කම්කරුවන්ගේ තනතුර වෙනස්කරන්න කතාකළා. ඉස්සර වතුර මෝටර්, බයිසිකල් බෙදුවා... අද තවත් සිල්ලර කරුණක් පෙන්වනවා. වතු කම්කරුවන්ට හොඳ වැටුපක් දෙන්න නම් තේ දළුවලට හොඳ මිලක් අවශ්‍යයි. ඒ සඳහා අපේ තේවලට ලෝක වෙළඳ පොලේ හොඳ මිලක් ලැබෙන වැඩපිළිවෙලක් තිබිය යුතුයි... ඒ නිසා අන්න ඒ වගේ වැඩකට ඇති දෙයක් ගැන කතා කළොත් නරකද? දැන් වයසත් 55 ට කිට්ටුනේ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 132 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 405 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site