(මලිත් රාජපක්ෂ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය)

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයිය ක්‍රිඩාංගණයේ මේ දිනවල පැවැත්වෙන සැණකෙළියේ මාරක ළිදෙහි කොටසක් කඩා වැටිම නිසා ඊට යට වි රාජකාරියේ යෙදි  සිටි පොලිස් සැරයන්වරයෙක් මිය ගිය බව කන්තලේ පොලිසිය පවසයි.

එම නිළධාරියා රෝහල්ගත කළ පසු මියගිය බව කන්තලේ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය පොල් රෝශාන් මහතා පැවසිය. 

මෙලෙස අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද මාරක ලිදෙහි පඩිපෙල කඩා වැටි ඊට යට වි මිය ගොස් ඇත්තේ කන්තලේ මුලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් අංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කන්තලේ ලයිට් පාර ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්  57649 ජානක සුරංජිව (46) බව පොලිසිය පවසයි.