(ඉන්දිකා රාමනායක)


මහනුවර පල්ලෙකැලේ එළිමහන් සිර සිරකඳවුරෙන්  පලායමින් සිටි රැඳවියෙක්  මහවැලි ගඟේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බොරැල්ල සීවලී පටුමගේ පදිංචි මොහොමඩ් රම්සීන් නමැති  බව පොලිසිය සඳහන් කරයි.

මොහු  ඊයේ    (20) එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ සේවයට යොදවා සිටියදී  පස්වරුවේ මෙලෙස නිලධාරීන්ගේන් මිදී පලා යමින් සිටියදීල නිලධාරීන් ඔහු පසුපස හඹා යාමේදී එම පුද්ගලයා  මහවැලි ගඟට පැන ඇතැයි පොලිසිය කියයි.

මහවැලි ගඟට පැන්න පුද්ගලයා ඉන්පසුව අතුරුදන්ව ඇත.


නිලධාරීන් අවට ප්‍රදේශය  සෝදිසි කිරීමේ රැදවියාගේ මළ සිරුර හමු නොවීම හේතුවෙන් සිද්ධිය  සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.