(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පැමිණිල්ලක් සටහන් නොකලැයි අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කළ බව සීතාවක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය
රුපියල් ලක්ෂ තුනක මුදලක් බලෙන් ඉල්ලා තම නිවසේ ලියුම් පෙට්ටිය පුද්ගලයකු ලිපියක් දමා ඇති බව පවසමින් අවිස්සාවේල්ල නගරයේ ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කිරීම සඳහා ඉකුත් 19 වැනි දින පොලිසියට පැමිණ තිබූ බව එම නිලධාරියා කීය
ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා විවිධ පැමිණිලි අංශය වෙත ගිය අවස්ථාවේදී එහි නිලධාරියෙකු ව්‍යාපාරිකයා ව අපරාධ අංශය වෙත යොමු කර ඇත
එම අවස්ථාවේදී එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂක වරයා එකි පැමිණිල්ල ලියා නොගෙන පැමිණිලිකාර ව්‍යාපාරිකයා ව විවිධ පැමිණිලි අංශය වෙත යවා තිබිණි
අනතුරුව පොලිස් ස්ථානයෙන් පිටව තිබූ පැමිණිලිකාර ව්‍යාපාරිකයා ඒ පිළිබඳ කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු උපදෙස් ලබා දී තිබිණි
ඒ අනුව විමර්ශන සිදුකළ සීතාවක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී (එක) කේ එස් එස් කේ ජයවර්ධන මහතා විසින් විමර්ශන පවත්වා වහාම ක්‍රියාත්මක වන පරිදි උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය අත්හිටුවා ඇතැයි උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පැමිණිල්ල සටහන් නොකළ එස්අයි ගේ වැඩ තහනම්
Bunny Preena Friday, 21 July 2023 04:21 PM
අපරාධකාරයින්ට කත් අදින මේ වගේ අයව එළවලා දාන්න තියෙන්නේ...
සකල ගුරු Friday, 21 July 2023 04:36 PM
ව්‍යාපාරිකයා පේන අහන්න ගිහිල්ලා තියෙන්නේ හොරාගෙ අම්මගෙන් කියලද හිතෙනවා.. ඒ ගැන පරීක්ෂා කළොත් නරකද?