ගෙලවැල දා ගත් පෙම්වතිය රෝහලට ගෙන යද්දි ඉන්ධන ඉවර වේ මහ රෑ ගෙල වැලලා ගත් බව කියන සිය පෙම්වතිය මිය ගොස් නැතැයි සිතා ඇගේ සිරුර මිතුරකු සමග යතුරු පැදියකින් රැගෙන යන අතරමගදී යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් ඇගේ සිරුර ළඳු කැලෑවකට දමා වේයන්ගොඩ පොලිසියට ගිය බව කියන සිද්ධියක් අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සම්පත් කස්තුරිරත්න මහතා ඉදිරියේ ඊයේ (19) පාන්දර කරන ලද මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක දී අනාවරණය විය. 3 years ago
ඊසාන දිග මෝසම මෝදු වෙයි දිවයින හරහා ඊසාන දිග මෝසම ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
දුම්රියක් අදත් කොට උඩ කොළඹ කොටුව සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් එගොඩ උයන දුම්රිය ස්ථානය දී කාර්මික දෝෂයට ලක්වීමෙන් එම මාර්ගයේ එම මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
නත්තලට හැඩ වෙන කොළඹ නත්තල උදා වීමට ඇත්තේ තව සතියකට අඩු කාළයක්. ලොවපුරා කිතුනු බැතිමතුන් නත්තල් අසිරිය විදීමට සූදානම් වෙද්දී කොළඹ නගරය ඇතුලු අවට ප්‍රදේශත් නත්තල් සිරියෙන් අලංකාර වී ගෙන තිබේ. 3 years ago
පොදු ක්‍රමයකින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් කරනවා පොදු ක්‍රමවේදයක් ඔස්සේ සියලූම කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ක්‍රමානුකූලව සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 3 years ago
‘‘පළාත් සභා අපේ බසයට දැන්ම ගොඩ වෙන්න‘‘ පළාත් පාලන මැතිවරණය ගැන කියනව නම් දැන්ම තම බස් රථයට නගින්න අන්තිම මොහොතේ එල්ලෙන්නට එන්න එපා යැයි සමගි ජනබල වේගය නායක විපක්ෂ නායක සජිත් පේමදාස කියා පවසයි. 3 years ago
අනුරුද්ධගේ කාර්යාලට පහර දුන් 3ක් අල්ලයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මරඳගහමුල පිහිටි පක්ෂ කාර්යාලයට ඉකුත් මැයි 09 වෙනිදා ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 3 years ago
ආයතන 4ක් ඒකාබද්ධ අරමුදලට සල්ලි දෙයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනැමුණු රුපියල් බිලියන දෙකකට අදාල චෙක්පත අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය. 3 years ago
පාලි බෞද්ධ සරසවිය වහන්න කැබිනට් මණ්ඩල අනුමැතිය ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට සියලුම මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමටත්, එතෙක් විශ්වවිද්‍යාලය වසා දැමීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙි. 3 years ago
පාලි සරසවිය මුදා ගැනෙයි ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හෝමාගම පිටිපන ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු ශිෂ්‍ය සංගම්වල ග්‍රහණයට හසුව මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව තිබූ විශ්ව විද්‍යාල සිසු නේවාසිකාගාර ඉතිහාසයේ පලමු වරට විශ්ව විද්‍යාල පරිපාලනය යටතට ගෙන මුදා ගැනීමට හැකි වූ බව ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියෝ පැවසූහ. 3 years ago
හංවැල්ලේ ඝාතකයන් ආ යතුරු පැදිය හමුවේ හංවැල්ල ආපන ශාලාවක හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදා ගත් බව බවට සැකකරන යතුරු පැදිය හංවැල්ල පහත්ගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද පස්වරුවේ සොයා ගත් බව පොලිසිය කියයි. 3 years ago
විසි දහසක අල්ලසක් ගත් තාක්ෂණ නිලධාරියා රිමාන්ඩ් ධාන්‍ය ගබඩාවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය පරිසර බලපත්‍ර ලබාදීම සඳහා රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත්තේ යැයි කියන හොරව්පතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පී. ජේ. ප්රභාකරන් මහතා අද (19) නියෝග කළේය. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago