ප්‍රභූ නොවන පිරිසකගේ ප්‍රභූ ලේබල් ගැලවේ ප්‍රභූ පුද්ගලයන් යැයි හඳුන්වා දීමට ව්‍යාජ ලෙස ස්ටිකර් අලවා ආලෝක පද්ධති සකස් කර මාර්ගයේ ධාවනය කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඩිෆෙන්ඩර් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන හය නැවත එම පුද්ගලයන් වෙත භාරදීමට කටයුතු කළ බව කළ බව බොරැල්ල පොලිසිය කියයි. 3 years ago
පොල් අස්සේ එන්සාල් හැදේ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් කල්පිටිය ඒත්තාල ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී ලක්ෂ 150 කට වැඩි වටිනාකමකින් යුත් එන්සාල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු හා වාහන දෙකක් අත් අඩංගුවට ගත් බව කියයි. 3 years ago
අරගලය අස්සේ තුවාල ලද හිටපු කමාන්ඩෝ සෙබළා මරුට කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය ඉදිරිපිට දී පසුගිය වසරේ මැයි මස 9 වෙනිදා වැනිදා පැවති ජන අරගලයේ දී අරගලකරුවන් අතර දී ඇතිවූ සිද්ධියකදී හිස් කබලට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අරගලයේ ක්‍රියාකාරිකයකු බවට සැලකෙන යුද හමුදා විශ්‍රාමික කමාන්ඩෝ සෙබළකු මිය ගිය බව කොටුව පොලිසිය පවසයි. 3 years ago
මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් අද (16) නියම කළේය. 3 years ago
එල්.පී.එල් තියන්න ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ඕනෑ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එල්.පී.එල්. තරගාවලිය ඉදිරියේදී පවත්වන්නේ නම් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය බවත් මෙතෙක් පැවති තරඟාවලි ක්‍රීඩා අමාත්‍යාංශය පූර්ණ අනුමැතිය නොමැතිව පවත්වා ඇති බවත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 3 years ago
13න් දුන් පොරොන්දුව ඉටු කිරීමෙන් රට දෙකඩ වෙනවා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට තෛපොංගල් දිනයේදී යාපනයට ගොස් ජනාධිපතිවරයා උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම මගින් ඉතා කෙටි කාලයකදී රට දෙකඩ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි. 3 years ago
“ සාකුන්තලය” නාට්‍යයේ ශිල්පීන්ගේ නාට්‍ය ඇඳුම්-භාණ්ඩ උස්සලා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හි අද (16) රඟදැක්වීමට නියමිතව තිබු “සාකුන්තලය” වේදිකා නාට්‍යයේ නාට්‍ය ශිල්පීන්ගේ රංග වස්ත්‍ර හා රංග භාණ්ඩ සහිත රතුපාට ගමන් මල්ලක් (සූට්කේස්) එකක් කිසියම් පුද්ගලයකු ඊයේ (15) පස්වරුවේ සොරාගෙන ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග පවසයි. 3 years ago
පුංචි ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් නීති මාලාවක් සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 3 years ago
පවුල් ලක්ෂ 20කට නොමිලේ සහල් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීම සඳහා වී මෙට්‍රික් ටොන් 61,600ක් මිලදී ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 3 years ago
යහපත් කල් ක්‍රියාවෙන් සිටි රැදවියෝ 19කට නිදහස බන්ධනාගාරය තුළ සිරඳඩුවම් විදිමින් යහපත් කල් ක්‍රියාවෙන් සිටි සිරකරුවන් 19 දෙනකු බලපත්‍රයක් මත හෙට (17) මුදාහැරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
මැයි 9 සිද්ධියට ශවේන්ද්‍ර අතුළු 18කට නොතීසි පසුගිය මැයි 9 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහරදීම සම්බන්ධයෙන් පත්කළ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධි විධාන අනුව පියවර ගැනීමට බල කරමින් පොලිස්පති, නීතිපති, ආරක්ෂක අමාත්‍ය ඇතුළු පිරිසකට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පීඩාවට පත් මැති ඇමතිවරුන් පිරිසක් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය. 3 years ago
ලංකාවේ විරැකියාව ඉහළට පසුගිය වසරේ තුන්වෙනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා පෙන්වා දෙයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago