විහාරාධිපති හිමි පාංශු කූලයට එන්න දඩයක් නියම කරලා‘‘ මියගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් විසිහතරදාහක මුදලක් ඉල්ලා සිටි භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තාවෙයි. 04 August 2023
පාර්ලිමේන්තුවෙන් ජෑම් පන්නන වැඩේ ජෑම් වෙයි ජෑම් බෝතලයක් සහ ටින්කිරි අඩංගු බෝතලයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරිමට උත්සහ දැරූ බව පැවසෙන එහි අරක්කැමියෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් විසින් අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 04 August 2023
කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ජය ලබති ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 හයවැනි තරගය ලෙස පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ කඩුලු 7 කින් දඹුල්ල අවුරා පිල පරාජය කිරීමට සමත් වූහ. 04 August 2023
ලාෆ් ගෑස් මිලත් වෙනස් නොවේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය ද අගෝස්තු මස ලාෆ් ගෑස් මිල ඉහළ නොදමන බවත් පසුගිය ජූලි මස මිලටම ගෑස් අළෙවි කරන බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (4) පැවසීය. 04 August 2023
රාහුල්ට යළි මන්ත්‍රිධූරය අහිමි වූ ලොක් සභා මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමටත් ඉදිරියේදී පවත්වන මැතිවරණ සඳහා තරඟ කිරීමටත් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත. 04 August 2023
විදුලි බිල ගෙවා සජිත් මිහින්තලය ආලෝකමත් කරයි විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව අද (4) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ. 04 August 2023
මැතිසබේ සල්ලාලයන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට සමහර ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි පැවසෙන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත. 04 August 2023
මහින්දගෙන් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 27ක පොල්ලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 27 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 04 August 2023
සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති කරයි ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබේ. 04 August 2023
මත්තලින් කෝටි 2221 ක් පාඩුයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 04 August 2023
රන් මිල පහළට දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (4) දිනයේ විශාල ලෙස පහත බැස ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 04 August 2023
කතරගම -බුත්තල මාර්ගය අවහිරකර උද්ඝොෂණයක් බුත්තල කතරගම මාර්ගයේ කෝන්කැටිය ග්‍රාම නිලධාරි වසමේ වල් අලියෙකු පහර දීමකින් කාන්තාවක් මිය යෑමට විරෝධය දැක්වීමක් ලෙස ප්‍රදේශවාසීන් විශාල පිරිසක් කෝන් කැටිය සීමාවේ කතරගම-බුත්තල මාර්ගය වසා අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 04 August 2023
මැණික් ජාවාරමකින් කෝටි ගණනක බදු මුදලක් වතුරේ චීන, තායිලන්ත ජාතිකයින් අයථා මුදල් යොදා ගනිමින් මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්රයේදීම අයථා අන්දමින් මිලදී ගැනීමේ ජාවාරමක් හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක අපේක්ෂිත බදු මුදල් නොලැබෙන තත්වයක් පවතින බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 04 August 2023
විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම ආරඹයි විශ්වවිද්‍යාලවල ආචාර්වරු විශ්‍රාම ගැනීම සහ විදේශගත වීම නිසා දැඩි ආචාර්ය හිඟයක් නිර්මාණය වී ඇති බවත් එම පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) පැවසීය. 04 August 2023
ණය ප්‍රශස්තකරණයේදී පිළිගන්නේ පාර්ලිමේන්තු උපදෙස් පමණයි ණය ප්‍රශස්තකරණය කිරීමේ දී පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 04 August 2023
13 ගැන යෝජනා 15ට පෙර ඉල්ලයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබේ. 04 August 2023
ජල ගාස්තුවටත් සූත්‍රයක් එයි ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොතත්ු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පවසයි. 04 August 2023
කොටස් වෙළෙඳපොළ විදේශ මිලදීගැනීම් පැහැදිළි වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය මිලදී ගැනීම් රුපියක් බිලියනය හෙවත් රුපියල් කෝටි 100 ඉක්මවා වාර්තා වීම කැපී පෙණෙන බව කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. 04 August 2023
තර්ජනය කර ලක්ෂ 10 ක කප්පම් ඉල්ලු කාන්තාවට වැඩ වරදී තමන් සමග තිබෙන අනියම් සම්බන්ධතාවය ගුරැවරියක වූ බිරිදට පවසන බවට තර්ජනය කර රැපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා එහි අවසන් මුදල් කොටස ලබා ගැනීමට ගිය කාන්තාවක සහ ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයකු අද (04) දින ගොඩගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි 04 August 2023
‘‘විදුලිය නැති වුණාට කමක් නෑ වගාව බේරා ගමු‘‘ පැය දෙකක් හෝ තුනක් හම්බන්තොටට විදුලිය කපා, ජලය නැතිව විනාශයට ලක්වන කුඹුරු වගාව බේරා ගැනීමට සමනල වැවේ ජලාශයෙන් ඉක්මනින් ජලය ලබා දීමට වහා පියවර ගන්නැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගොවි සංවිධාන ඒකාබද්ධව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වීමේදී ඉල්ලීමක් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී කීය. 04 August 2023
කප්පම් නොදුන්නාට ඌරු මස් ව්‍යාපාරික නිවෙසට වෙඩි ඌරු මස් සැපයීමේ නිරත ධනවත් ව්‍යාපාරිකයකුගේ කඳාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට අද 7.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කඳාන පොලිසිය පවසයි. 04 August 2023
තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් වෙයි ආනයන සීමා පනවා ඇති තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 04 August 2023
’’ගෑස් මිල වැඩි කරන්නෑ’’ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය. 04 August 2023
‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනබව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 04 August 2023
වන අලි පහරින් එක්දරු මව මරුට ගෝනගංආර , 15 කණුව ප්‍ර දේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය පවසයි . 04 August 2023
පෑවිල්ල වික්ටෝරියාවටත් දැනෙයි මධ්‍යම කදුකරය පුරා පවතින වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී තිබේ. 04 August 2023
අද වැස්ස නෑ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 August 2023
පවුලක්ම එකතුවෙලා හමුදා සෙබළාට පහරදීලා යුදහමුදා සෙබළකු තියුණු ආයුදයකින් පහරදි තුවාල සිදු කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 04 August 2023
හිටපු පළාත් මන්ත්‍රී පා ගමනින් යද්දී වැටී මරුට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤ වීදිය උද්‍යාන මාවතේ පා ගමනින්ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. 04 August 2023
තඹුත්තේගම අනතුරකින් හතරක් මරුට:හතරක් රෝහලට අනුරාධපුර - පාදණෙිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. 04 August 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026