උණ සෑදී දින දෙකකින් දරුවා මරුට උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් තම එකම පුතා අද(06) අලුයම මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව , එම සිසුවාගේ පියා වන එම්.එන්.ඉස්තිකාර් මහතා පැවසීය . 06 August 2023
ජනපති රග්බි බලන්න යයි කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 77 වන වාර්ෂික බ්‍රැඩ්බි පලිහ රග්බි තරගය නැරඹීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහතාද සහභාගී විය. 06 August 2023
පළාත් පාලන ආයතන 341 ක මුදල් ගෙවීම ඔන්ලයින් මෙරට සියලු පළාත් පාලන ආයතන 341 කට ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. 06 August 2023
කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක් කාලතරණය කළ හැකි විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය. 06 August 2023
බන්ධනාගාර නියාමක ඝාතන තැත වරදී ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ගමන්ගත් බස් රථයකට වැලිගම නගරයේ දී කඩා වැදුණු පුද්ගලයින් කණ්ඩායමක් අතර සිටි එක් පුද්ගලයෙකු ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමක වරයාට වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහය බස් රියේ සිටි පිරිසගේ විරෝධය මැදිහත්වීම මත නූලෙන් වැළකී ගිය බව වැලිගම මූලස්ථාන 06 August 2023
ඉම්රාන් හිරේ දැම්මැයි විරෝධතා පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන්, කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා ආරම්භ කර තිබේ. 06 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය. 06 August 2023
යුරියා මෙට්‍රික් ටොන් 18000ක නැවක් කොළඹ වරායට යුරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් කොළඹ වරායට පැමිණ තිබේ. 06 August 2023
බස්නාහිරට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 August 2023
නාමල් කුමාරට පහරදුන් පිය-පුතු අත්අඩංගුවට දූෂණ විරෝධී ප පෙරමුණේ සභාපති නාමල් කුමාර මහතාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැර ගත්තේ යැයි කියන පියපුතු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි වරකාපොල පොලිසිය පවසයි. 06 August 2023
සීදුවේ වත්තක පුපුරණ ද්‍රව්‍ය තොගයක් සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 8 ක පමණ වත්තක සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ,අත් බෝම්බ, පුපුරන ද්රව්යසහ අවි කොටස් තොගයක්කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම වත්ත සෝදිසි කර සොයාගෙන ඇත. 06 August 2023
දඹුල්ල අවුරා පිල දෙවෙනි ජය ලබයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 අටවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (5) පැවැති දිනයේ පළමු තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 10 කින් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පරාජය කිරීමට සමත් විය. 05 August 2023
යතුරු පැදි අංක තහඩු හොරෙන් හදලා යතුරුපැදිවල අංක තහඩු හොරට සකස් කිරීමේ මධ්‍යස්ථානයක් අද වැටලූ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 05 August 2023
මාල හොරා කඩා ගත් මාලය ගිලලා ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබූ රන් මාලය කොල්ලකා ඇති පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී එය ගිල දැමූ බව යක්කල පොලීසිය පවසයි. 05 August 2023
කෑම බීම මිල සීඝ්රයෙන් ඉහළට ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 05 August 2023
ඉම්රාන් ඛාන්ට සිර දඬුවම් ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. 05 August 2023
විදුලි බිල යළි ඉහළට ? විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත. 05 August 2023
වැලිවේරියේ වෙඩි තැබීමක් වැලිවේරිය නගරයේ සිට අතුරු මාර්ගයක ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකුට, යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් ඇත. 05 August 2023
ලන්සාගේ සංධානය බැසිල්ට ගැටළුවක්? ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ. 05 August 2023
වාහන දුම් සහතික මධ්‍යස්ථාන වටලයි වාහන වායු විමෝචන සහතික (දුම් සහතික) නිකුත් කරන මධ්‍යස්ථාන අධීක්ෂණ යාන්ත්‍රණය ශක්තිමත් කිකිරීමට ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 05 August 2023
ශ්‍රී ලංකන්, විදුලි පොල්ලෙන් තෙල් සංස්ථාව කොටඋඩ ලබාගත් ඉන්ධන වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි විසි තුන් දහස් අට සියයක් (23800) ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ (2023) සඳහන් වේ. 05 August 2023
පන්දහසක අල්ලසක් ඉල්ලූ සැරයන් ගෙදර පොලිස් භාරයට ගෙන තිබූ තිබූ යතුරු පැදියක් සහ එහි ලියකියවිලි නැවත එම යතුරු පැදියේ අයිතිකරුට භාර දීම සඳහා රුපියල් 5000 ක මුදලක් ඉල්ලා සිටි බව කියන අක්මීමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 05 August 2023
රවටා ගෙන්වා ගෙන දූෂණය කර කොල්ල කාලා අත්හිටුවා ඇති විදෙස් ගමන් බලපත් යළි දීමට හැකි බව පවසා වත්තල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් ඉංගිරිය ප්‍රදේශයට ගෙන්වාගෙන කැලෑවකට රැගෙන ගොස් දූෂණය කර ඇය සතු රුපියල් 8,10,500 වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පළා ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. 05 August 2023
බෙහෙත් හදිසියේ මිලදී ගැනීම නවත්වයි ඖෂධ හදිසියේ මිලදී ගැනීම ඉදිරි මාස කීපයේදී සම්පූර්ණයෙන් නවතා දැමීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය 05 August 2023
නැව් හදන්න ප්‍රංශයෙන් උදව් මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත. 05 August 2023
ඩිජිටල් ජාතික හැදුනුම්පත කඩිනම් කරන්න ඉන්දියා සහාය මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා පත්කර ඇති ඉන්දු - ශ්‍රී ලංකා ව්‍යාපෘති අධීක්ෂණ කමිටුව තීරණය කර තිබේ. 05 August 2023
දකුණට විදුලිය දෙන්න පෞද්ගලික තේ වත්තක් හරහට හිටී පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ ගැටලුව විසඳීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. 05 August 2023
බස්නාහිර සබරගමුවට සිහින් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 August 2023
වෙල්ලාලගේ ජැෆ්නා පිලට දෙවැනි ජය ගෙනෙයි යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක දුනිල් වෙල්ලාලගේ (10/4) විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම නිසා මෙවර ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ හත්වැනි තරගය ලෙස අද (4) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී ජැෆ්නා කිංග්ස් පිල කඩුලු 8 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කළේය. 04 August 2023
ලක්ෂ 27ක හිඟ විදුලි බිල ගැන නාමල් ලංවිමෙන් විමසයි ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් අද (4) යොමුකර තිබේ. 04 August 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026