(යොහාන් භාසුර)

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා (23) පැවැති රාජසන්ත වූ භාණ්ඩ වෙන්දේසියේදී සුඛෝපභෝගි ජීප් රථ තුනක් සමඟ මෝටර් රථ පහක් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න මුදලකට වෙන්දේසි විය.

මෙහිදී පැජෙරෝ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 76 කට අළෙවි වූ අතර එම මෝටර් රථය අබලි ලෙස මෙවැනි විශාල මුදලකට අළෙවි වීම කැපී පෙනුණි.

රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අළෙවි වූ සුඛෝපභෝගි ජීප් රථ තුන අබිලි ලෙස වෙන්දේසි විය.

එම මෝටර් රථ පහට ලොරි රථයක් සහ වෑන් රථයක් ද ඇතුළත් වූ අතර ඉන් අඩුම මිලකට වෙන්දේසි වූ ලොරි රථය පමණක් ලියාපදිංචි කළ හැකිය.